සුමතිපාල දීයගහගේ
දුම්රිය මාර්ගයේ පා ගමනින් යමින් සිටි තරුණියක් කඹුරුගමුව දුම්රියපොළ අසලදී අද (7) මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන් තුවාල ලැබ මාතර රෝහලට ඇතුළු කර ඇතැයි කොටවිල පොලිසිය පවසයි.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ අහංගම ගොවියාපාන බෝගහ අසල පදිංචි රාමනායක සුදුවැලි කොන්දගේ පබසරා නැමැති විසි දෙහැවිරිදි තරුණියෙකි.
ස්වයං රැකියාවක් සඳහා තරුණියන් අවශ්‍ය බවට පුවත්පතක පලවී තිබු දැන්වීමක් අනුව මෙම තරුණිය එම ස්ථානය සොයමින් දුම්රිය මාර්ගයේ පාගමනින් ගොස් ඇත.
එම අවස්ථාවේ පිටුපස බලන විටම ඇයගේ අසලට පැමිණ තිබු දුම්රියේ මෙම තරුණිය හැපී තුවාල ලබා විසි වී ගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මේ ළමයා රස්සාවක් හොයන්න ගිය ගමනක්. මමත් ඔය විදියටම බොහොම අපහසුවෙන් තමයි කියක් හරි හොයා ගත්තේ තරුණ කාලේදී. මම දැන් ඇමරිකාවේ ජිවත් වෙන්නේ, මහා විශාල ආර්ථික තත්වයක් මටත් තවම නැහැ. එත් මම කැමතියි මේ ළමයට හැකි පමණින් උදව්වක් කරන්න, මට මගේම අතීතයට උදව් කරනවා වගේ හැගීමක් දැනේවි මේ අවස්ථාව ලැබුනොත්. හැකිනම් මේ ළමයා සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් මාගේ විද්‍යුත් තැපැල් ලිපිනයට එවන මෙන් ලංකාදීප පුවත්පතෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතියි.