ඩබ් ඒ පියතිලක
දෙස් විදෙස් ති‍්‍රවිධ හමුදා සහභාගීත්වයෙන් වර්ෂයක් පසා පවත්වන නැගෙනහිර පළාත් මුලික කරගනිමින් දියකාවා යුද අභ්‍යාසය 9 වැනි වරටත් සැප්තැම්බර් 6 වැනි දා සිට 26 වැනි දා දක්වා පැවැත්වන බව යුද හමුදාව කියයි.
ඒ පිළිබද සමාරම්භක උත්සවය අද (6) මින්නේරිය පාබළ පුහුණු කඳවුරේ ශ‍්‍රවණාගරයේ දී පැවැත්විණි.
මෙම දියකාවා යුද අභ්‍යාසය පුහුණු භාර අධ්‍යක්ෂක මේජර් ජනරාල් නිශ්ශංක රණවන සහ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස බි‍්‍රගේඩියර් කි‍්‍රශාන්ත ගුණරත්න සහ කර්නල් විපුල ඉහළගේ යන නිලධාරීන් සහභාගී වුහ.
දෙස් විදෙස් හමුදා ප‍්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් දියකාවා යුද අභ්‍යාසය නිල වශයෙන් අද (6) දින සිට ආරම්භ කළ බවත් ඒ පිළිබද කරුණු පැහැදිලි කිරිමක් සිදු කළේය.
මෙවර මෙම යුද අභ්‍යාසය සඳහා නාවික හමුදාවේ 400ක්, ගුවන් හමුදාවේ 200ක් යුද හමුදාවේ 2500ක් සහ විදෙශීය හමුදාවේ 100ක් සහභාගී වෙති.
එක්සත් රාජධානිය,බංගලිදේශය, මාල දිවයින, පකිස්ථානය, මැලේයාසියාව, ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, චිනය, සුඩානය, ඕමානය, බ‍්‍රසීලය සහ ඇමෙරිකාව ඇතුළු රටවල් නියෝජනය කරමින් නිලධාරින් සහ සෙබළුන් 100 දෙනකු සහභාගී වේ.



2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියකාවා මෙහෙයුම අදින් ඇරැඹේ