(නිමල කොඩිතුවක්කු)
පොලිස් වාර්තා වලට අනුව 2014 වසරට සාපේක්ෂව 2017 වසරේදී රටේ අපරාධ 35%කින් අඩුවී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද (03) පැවසීය.
එමෙන්ම 2014 වසරට සාපේක්ෂව 2017 වසරේදී රටේ අපරාධ විසදීම 20% කින් වැඩිවී ඇති බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බම්බලපිටිය පොලිස් ක‍්‍රිඩාංගනයේ පැවති 152 වැනි ජාතික පොලිස් දින සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
2014 වසරේදි අපරාධ 50962ක් වාර්තා වී ඇති ඇතර එයින් 58% ක් පමණක් විසදීමට හැකිවී ඇති බවත් අග‍්‍රාමාත්‍යවරයා එහිදි සඳහන් කළේය.
2017 වසරේදි අපරාධ 35971යි වාර්තා වී ඇති බවත් ඉන් 79%ක් විසදීමට හැකිවී ඇති බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමා නිකම් කට තිබුණු පලියට කියවන්නේ නැතිව, සාධක, සාක්ෂි සහිතව කතාකරන්න වගකිවයුතු පුද්ගලයෙක් විදියට. පස් යොදුන් රටට, පස් දුන් රට කිව්වා. පරාක්‍රම සමුද්‍රය හැදුවේ කුරුඳු විකුණලා කිව්වා. "රටේ ආර්ථිකය හදල ඉවරයි, දැන් තියෙන්නේ රට සංවර්ධනය කරන්න " කිව්ව. පත්තර බලන, නිව්ස් අහන ඕනෙම කෙනෙකුට තේරෙනවා රටේ තත්වය. අපරාධයක් උනා නම් එක වුණා. ඒක ආයේ විසදන්න පුලුවන්ද ? මොනවද මේ විහිළු කතා.