IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


2014ට වඩා 2017 දී අපරාධ සියයට 35කින් අඩුවෙලා - අගමැති

(නිමල කොඩිතුවක්කු)

පොලිස් වාර්තා වලට අනුව 2014 වසරට සාපේක්ෂව 2017 වසරේදී රටේ අපරාධ 35%කින් අඩුවී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද (03) පැවසීය.

එමෙන්ම 2014 වසරට සාපේක්ෂව 2017 වසරේදී රටේ අපරාධ විසදීම 20% කින් වැඩිවී ඇති බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බම්බලපිටිය පොලිස් ක‍්‍රිඩාංගනයේ පැවති 152 වැනි ජාතික පොලිස් දින සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

2014 වසරේදි අපරාධ 50962ක් වාර්තා වී ඇති ඇතර එයින්  58% ක් පමණක් විසදීමට හැකිවී ඇති බවත් අග‍්‍රාමාත්‍යවරයා එහිදි සඳහන් කළේය.

2017  වසරේදි අපරාධ 35971යි වාර්තා වී ඇති බවත් ඉන් 79%ක් විසදීමට හැකිවී ඇති බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත්  පැවසීය.



අදහස් (1)

2014ට වඩා 2017 දී අපරාධ සියයට 35කින් අඩුවෙලා - අගමැති

Senarath Tuesday, 04 September 2018 02:56 AM

අගමැතිතුමා නිකම් කට තිබුණු පලියට කියවන්නේ නැතිව, සාධක, සාක්ෂි සහිතව කතාකරන්න වගකිවයුතු පුද්ගලයෙක් විදියට. පස් යොදුන් රටට, පස් දුන් රට කිව්වා. පරාක්‍රම සමුද්‍රය හැදුවේ කුරුඳු විකුණලා කිව්වා. "රටේ ආර්ථිකය හදල ඉවරයි, දැන් තියෙන්නේ රට සංවර්ධනය කරන්න " කිව්ව. පත්තර බලන, නිව්ස් අහන ඕනෙම කෙනෙකුට තේරෙනවා රටේ තත්වය. අපරාධයක් උනා නම් එක වුණා. ඒක ආයේ විසදන්න පුලුවන්ද ? මොනවද මේ විහිළු කතා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site