IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නාවලපිටියේ පානීය ජල ප්‍රශ්නය විසදීමට ජල ව්‍යාපෘතියක්

නාවලපිටිය ප‍්‍රදේශයේ පානීය ජල ප‍්‍රශ්නය විසදීමට ප‍්‍රජා ජල ව්‍යාපෘතියක් ඉදිකිරීමට සහ නාවලපිටිය රෝහලේ ජල ගැටළුව විසදීමටත් නගරය සදහා නවීන තාක්ෂණයෙන් යුත් බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය පියවර ගෙන ඇත. 

මෙම කටයුතු සඳහා සැලසුම් සකස් කරන ලෙසත් මෙම සදහා ප‍්‍රමාණවත් ජල ටැංකියක් ඉදිකිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසත් අමාත්‍ය රවූෆ් හකීම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 
 
නාවලපිටිය නගරයේ යටිතල පහසුකම් සම්බන්ධ ගැටළු විසදීම සහා එම නගරය අනාගත අවශ්‍යතාවයට අනුව සංවර්ධනය කිරීම පිළිබද උසස් මට්ටමේ සාකච්ඡාවක් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවූෆ් හකීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා නාවලපිටිය නගර සභා සභාපති සසංක සම්පත් සංජීව මහතාගේ සහභාගිත්වයෙන් නගර සභා කාර්යාල ගොඩනැගිල්ලේ පැවැත්වු අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
 
නාවලපිටිය නගරයේ විටින් විට ඇතිවන ගංවතුර තත්වය නිසා උදාවී තිබෙන ආපදා තත්වයෙන් එහි ප‍්‍රධාන අප ජල පවාහන කාණු පද්ධතිය හානියට පත්වී තිබීම, ළමා උද්‍යාන සංවර්ධනය කිරීම, නගරයට පැමිණෙන වාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන නොමැතිවීම, බහුකාර්ය ගොඩනැගිල්ලක අවශ්‍යතාවය , හදුන්ගල ප‍්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ප‍්‍රශ්නය , රෝහලට ඇතිවන ජල ප‍්‍රශ්නය, නගරයේ පදික වේදිකාව සහ වැට අබලන් තත්වයට පත්වී තිබීම සතිපොල සදහා ස්ථානයක් වෙන්කරවා ගැනීම යනාදි ගැටළු පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානයට යොමුවූ බව ද හෙතෙම සඳහන් කළේය. 


නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටා ඇති නගර සභා පැරණි ගොඩනැගිල්ල සහ ආශ‍්‍රිත පර්චස් 91ක ඉඩම යොදාගෙන නවීන ක‍්‍රමයට බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබදවද මෙහි දී අවධානය යොමුවූ බව ඔහු කීය.

එම බහුකාර්ය ගොඩනැගිල්ල, රථගාල, පොදු සම්මන්ත‍්‍රණ ශාලාව, වෙළෙද සංකීර්ණය, බැංකු හා රාජ්‍ය ආයතන කාර්යාල යනාදි අංගවලින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ද සාකච්ඡාවේදී අදහස් දක්වන ලදී. මේ සදහා සුදුසු සැලසුම් වාර්තාවක් සකස්කරන ලෙස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බව එම නිලධාරියා පැවසීය.  



අදහස් (0)

නාවලපිටියේ පානීය ජල ප්‍රශ්නය විසදීමට ජල ව්‍යාපෘතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31782 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14238 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11152 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 215 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1155 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 321 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site