අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
පාසල් සහ උපකාරක පන්ති යන සිසුන්ට මත්පෙති සහ මත්කුඩු අලෙවි කළ 27 හැවිරිදි තරුණයෙක් ඇඹිලිපිටිය නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පළ පිටුපස පිහිටි ඔහුගේ නිවසේ දී මත්පෙති 190ක් සහ මත්කුඩු තොගයක් ඇඹිලිපිටිය පොලිසියේ දිසා පරිසර ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පළතුරු වෙළදාමේ නියැලි සිටි සැකකාර තරුණයා මත්පෙති සහ මත්කුඩු අලෙවි කිරීමේ නිරතවීමෙන් පසු පළතුරු වෙළඳම අතහැර දමා ඇතැයි ද පොලීසිය කියයි.
එක් මත් පෙත්තක් සිල්ලරට විකිණීමේ දී රුපියල් හාරසියයකටත්, පෙති දහයක් ඇති කාඩ්පතක් රුපියල් දෙදහස බැගිනුත් මොහු විසින් අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන තිබුණි.
සැකකරු සන්තකයේ මත්පෙති 190ට අමතරව මත්කුඩු ග‍්‍රෑම් දෙකයි මිලිග‍්‍රෑම් තුන්සියයක් ද තිබී පොලීසිය විසින් සොයා ගනු ලැබීය.
මිට දින කිහිපයකට පෙර මත්කුඩු පානයට ඇබ්බැහිවු අවුරුදු දහඅටත් විසි දෙකත් අතර වයසේ පසුවන ඇඹිලිපිටිය නගරය සහ අවට පදිංචි තරණයින් නව දෙනෙකු ද දිස්ත‍්‍රික් පරිසර ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් සිසුන්ට මත් පෙති අලෙවි කළ තරුණයෙක් අල්ලයි