IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නියගයෙන් දිස්ත්‍රික්ක 11 කට දැඩි බලපෑම්

(ඩයනා උදයංගනී)

මේ වන විට දිවයිනේ දිස්ත‍්‍රික්ක 11කට පමණ බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 1,66,000කට පමණ අයත් 5,60,000ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මෙම නියඟයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ උතුරු පළාතටය.


එම පළාතේ යාපනය, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් දිස්ත‍්‍රික්කයන්හි පවුල් 1,00,765කට අයත් 3,47,571 දෙනෙක් නියඟයෙන් පීඩාවට පත්ව සිටිති.

ඊට අමතරව උතුරුමැද පළාතේ පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත‍්‍රික්කවල පසුල් 15,344කට අයත් 52,264 දෙනෙක්, නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව සහ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයන්හි පවුල් 42,761කට අයත් 1,37,694දෙනෙක් මෙන්ම වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පවුල් 7,475කට අයත් 21,729 දෙනෙක් නිය`ගයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.


මෙම නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ඇතැම් දිස්ත‍්‍රික්කයන්හි කන්න 5ක් පමණ තිස්සේ කුඹුරු හා අනෙකුත් වගාවන් කිරීමට නොහැකි වී ඇති බව ද වාර්තා වේ.

වැව් සිඳීයාම හේතුවෙන් වගා කටයුතුවලට පමණක් නොව පානීය ජලය සොයාගැනීමේ ගැටලූවලට ද ජනතාව මුහුණ පා සිටින අතර සතුන්ට ද ආහාර හා ජලය නොමැතිකම හේතුවෙන් ගැටලූ ඇතිවී තිබේ.



අදහස් (0)

නියගයෙන් දිස්ත්‍රික්ක 11 කට දැඩි බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site