ඌව පළාත් අතුරු වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති
ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හෙද පරිපූරක අතුරු වෛද්‍ය යන සියලු වෘත්තීයවේදීන් හිඟ අතිකාල දීමනා නොගෙවීම, ගමන් වියදම් නොගෙවීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් හයක් මුල් කරගනිමින් සැප්තැම්බර් 04 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඌව පළාත් හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.