බිඟුන් මේනක ගමගේ
ලෝක පොල් වගා කිරීමේ දිනය නිමිත්තෙන් කතානායක කරු ජයසූරිය මහතා අද (2) පාර්ලිමේන්තු පරිශ්‍රයෙහි පොල් පැළයක් රෝපණය කළේය.
පොල් වගා කිරීමේ මණ්ඩලය ලෝක පොල් වගා කිරීමේ දිනය නිමිත්තෙන් සංවිධානය කළ ජාතික උත්සවයේ දී මෙම පොල් පැළ රෝපණය සිදු වූ අතර රටේ සමස්ත පොල් ගස් ප්‍රමාණය ගූගල් තාක්ෂණයෙන් ගණනය කිරීම සඳහා වන නව අන්තර්ජාල යෙදුම ද කතානායකවරයා අතින් විවෘත කෙරිණි.
විවිධ හේතු මත පසුගිය කාලයේ දී පොල් මිල විශාල වශයෙන් වෙළෙඳපොලේ ඉහළ ගිය අතර අවසානයේ දී පොල් සඳහා පාලන මිලක් නියම කිරීමට ද රජයට සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd