(දයාරත්න ඇඹෝගම)
මාතලේ හන්දියේ දී යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් 21 හැවිරිදි යතුරුපැදිකරු මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අංක 188 සමගි මාවත කුරුන්දන්කුලම ලිපිනයේ පදිංචිව සිටි අශාන් ඉදුවර උපුල්දෙණිය (21) නැමති අයෙකි.
මියගිය අය කැකිරාව දෙස සිට අනුරාධපුර බලා එමින් සිටියදී අනුරාධපුර දෙස සිට කැකිරාව දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථය අපරික්ෂාකාරි අන්දමින් මාතලේ හන්දිය අසලදී අතුරු මාර්ගයට හරවද්දී යතුරුපැදිය වෑන් රථයේ බදේ ගැටීමෙන් මෙම අනතුර සිදුවු බව පොලිසිය කියයි.
මෙම අනතුරින් පසුව යතුරුපැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව එහිදි මිය ගොස් තිබිණි.
වෑන් රථය පදවා ඇත්තේ 19 හැවිරිදි බාල වයස්කරුවෙකි. මාතලේ දේවගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම බාල වයස්කාර රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි - වෑන් රථ අනතුරින් තරුණයෙක් මරුට