IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


34 වැනි රණවිරු සැමරුම් උත්සවය අම්පාරේදී

අම්පාර වසන්ත චන්ද්‍රපාල
පොලිස් විශේෂ කාර්ය බලකායේ 34 වැනි රණවිරු සැමරැම් උත්සවය අම්පාර පොලිස් විශේෂ කාර්ය මුලස්ථානයේදි පවත්වනු ලැබිය .


නැගෙනහිර පලාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා විසින් මියගිය රණවිරුවන්ට අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ පිහිටි රණවිරැ ස්මාරකයට මල්දම් තියා උපහාර දැක්වනු ලැබිය.


ඉන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කරමින් සිටියදී මියගිය රණවිරැවන් ගේ ඥතීන් පැමිණ මල්දම් තියා රණවිරු ස්මාරකයට උපහාර දක්වනු ලැබිය.


පසුව මියගිය නිලධාරින්ගේ දරු දැරියන්ට ශිෂ්‍යත්ව බෙදාදීම සහ රණවිරු පවුල්වලට උපහාර කිරිමද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා අතින් සිදුවිය.


අම්පාර මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, අම්පාර පොලිස් අධිකාරී සාමන්ත විජෙසේකර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නැගෙනහිර පලාතේ අණදෙන නිලධාරි පොලිස් අධිකාරී අතුල  රත්නායක, අම්පාර සහකාර පොලිස් අධිකාරී දර්ශණ සමන් සුරියආරච්චි, සහකාර පොලිස් අධිකාරී පොලිස් විශේෂ කාර්ය බලකාය,  වාස් පෙරේරා සහකාර පොලිස් අධිකාරී අම්පාර ඩී.එල්.ඒ.සුරිය බංඩාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

34 වැනි රණවිරු සැමරුම් උත්සවය අම්පාරේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site