(දයාරත්න ඇඹෝගම)
එප්පාවල තම්මැට්ටාව වැවේ දිය නෑමට ගිය ගුරුවරයකුගේ මළ සිරුරක් පාවෙමින් තිබියදී අද (2) සොයා ගත් බව එප්පාවල පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එප්පාවල, රෝහල ඉදිරිපිට පදිංචි මාකස් කුමාර (54) නැමැති කටියාව යාය 06 විද්‍යාලයේ ගුරුවරයෙකි.
ජීවිතක්ෂයට පත් පුද්ගලයා පසුගියදා පස්වරුවේ එප්පාවල තම්මැට්ටාව වැවට දිය නෑමට පැමිණ ඇති අතර ඔහුගේ මළ සිරුර තම්මැට්ටාව වැවේ මසුන් ඇල්ලීමේ නිරත ධීවරයකු විසින් දැක එප්පාවල පොලීසියට දැන්වීමෙන් පසුව එප්පාවල හදිසි මරණ පරීක්ෂක එම්.පී.එස් ජයවික්‍රම මහතා ඉදිරියේ මළ සිරුර ගොඩ ගැනිණි.
මියගිය පුද්ගලයා දියේ ගිලී මිය යන්නට ඇතැයි සැකකරන බව එප්පාවල පොලීසිය පවසයි. දේහය අනුරාධපුර ශීක්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක වෙත යොමු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd