සිතුම් චතුරංග
කිලිනොච්චිය,අරවියල් නගර් ඇඟලූම් කර්මාන්ත ශාලාවේ ආරක්ෂක නිලධාරිනිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම කර්මාන්ත ශාලාවේ තවත් ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
අදාළ ඝාතනය දෙදෙනා අතර තිබූ අනියම් සබඳතාවක් නිසා සිදුවූවක් බව සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනය වූයේ මාන්කුලම , වසන්තිනගර් හි පදිංචි කරුපයියා නිත්‍යකලා නැමති 32 හැවිරිදි එක්දරු මවක් වන අතර ඇය මියයන විට ඇය මාස පහක ගැබිණියක් බව අනාවරණය වී තිබේ.
සැකකරු හා කාන්තාව සමඟ පැවති අනියම් සබඳතාවක් හේතුවෙන් මියගිය කාන්තාව ගැබ්ගෙන සිටි අතර ඒ පිළිබඳ සැකකරුගේ බිරිඳ හා පවුලේ උදවියට හසුවේ යැයි සිතා සැකකරු විසින් පසුගිය (29) දා කිලිනොච්චිය ,පරන්තන්, පන්නන්කණ්ඩි මුරුගවේණි හි වෙල්යායකදී අදාළ ආරක්ෂක අංශ නිලධාරිනිය ගෙල සිරකර ඝාතනය කර තිබේ.
ඝාතනය සිදුවූ ආකාරය සොයා ගැනීමට නොහැකිවනසේ ඇයගේ ඇඳුම් සහ අත්බෑගය වෙනත් ස්ථානයක දමාගිය බව සැකකරු විසින් පොලිසියට පාපොච්චාරණය කර තිබේ.
සැකකරු ආරක්ෂක නිලධාරිනිය ඝාතනය කිරීමෙන් පසුව ඇය පැමිණි යතුරුපැදිය සැකකරුගේ නිවසට රැගෙන ගොස් තිබියදී සොයා ගත් බවද කීය.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය විනයාගපුරම් ප‍්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදෙරු පියකු බව පොලිසිය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඟලුම් කම්හලේ කතගේ ඝාතනයට ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට