සිතුම් චතුරංග
යාපනය - නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම් හීදි අද (2) අලූයම නවතා තිබූ ස්කැමල් වර්ගයේ ලොරි රථයක වෑන් රථයක් ගැටී පුද්ගලයින් නව දෙනකු තුවාල ලබා කිලිනොච්චි රෝහල වෙත ඇතුළත් කර ඇති බව මාන්කුලම් පොලිසිය පවසයි.
විනෝද චාරිකාවක් ගොස් නැවත නිවෙස් බලා ගමන් කරමින් සිටි පුද්ගලයින් රැගත් වෑන් රථය නවතා තිබූ ලොරි රථයේ පසුපසින් ගැටී අනතුර සිදුවී තිබේ.
අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් එක් අයකුගේ තත්වය බරපතල බව පොලිසිය සඳහන් කරයි.
වෑන් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුර සිදුව ඇති බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
තුවාල ලැබූවන් යාපනය චුන්නාගම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඒ - 9 මාර්ගයේ අනතුරකින් 9 කට තුවාල