(ප්‍රින්ස් රත්නායක)
සබරගමු පළාතේ පාසල්වල පවතින උපාධිධාරී ගුරු පත්වීම් පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා පසුගිය මාසයේ අයදුම්පත් කැඳවීම් කර ඇති අතර ඒ සඳහා අයදුම්පත් දස දහස ඉක්මවා අයදුම්පත් ලැබී ඇති බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද සනත් වීරසූරිය මහතා පවසයි.
සබරගමුව පළාතේ පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය උපාධි ගුරු පුරප්පාඩු 630 ක් පිරවීම සඳහා මෙලෙස අයදුම්පත් කැඳවා ඇත. ගණිතය, විද්‍යාව ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය, ගෘහ විද්‍යාව ඇතුලු විෂයයන් රැසක් සඳහා මෙම බඳවා ගැනීම් ඉදිරි මාස 2 ක තුළ සිදුකිරීමට නියමිත බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද සනත් වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විභාග කවදා ගැසට් වුන එකක්ද