නිධන් හෑරිමට ගිය විශ්‍රාමික කපිතාන් ඇතුළු සිව් දෙදෙනකු අත්අඩංගුවට කරකොලගල යාය පෞද්ගලික ඉඩමක ගල්තාලාවක් පුපුරා නිධන් ගැනීමට තැත්කළ බව කියන විශ්‍රාමික හමුදා කපිතාන්වරයකු ඇතුළු සිව් දෙනෙකු අද (29) අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි. 29 August 2018
පුත්තලමේ හිටපු සභාපතිට ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කිරිම ගැන විමර්ශනයක් ඉල්ලයි පුත්තලම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී එහි ලේකම්වරයා විසින් සභිකයකුට ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සිද්ධියට මුහුණ දුන් සභිකයා විසින් මුන්දලම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත. 29 August 2018
ගින්නකින් ගොඩගම නිවසක් මුළුමනින්ම ගිනිගනී හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවත පළමු පටුමග ප්‍රදේශයේ නිවසක අද (29) උදෑසන 7 ට පමණ හටගත් ගින්නක් නිසාවෙන් එම නිවස සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 29 August 2018
වතුර නෑ: රජරට සරසවි පීඨ 4 ක් යළි ඇරීම තවත් කල්යයි දැනට වසා දමා තිබෙන රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පීඨ හතර යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවී ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා පැවසීය. අනුරාධපුර දිස්ත්‍රික්කයට මේ වන විට බලපා තිබෙන දැඩි නියං තත්ත්වය නිසා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයට ජලය සැපයීමේ අසීරුතාවයක් උද්ගත වී තිබෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් දැනුම් දී තිබෙන බැවින් විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය මගින් මෙම තීරණය 29 August 2018
හෙරොයින්-ටැමඩෝල් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට පුත්තලම රත්මල්ගස් යාය ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටි ප්‍රධාන පෙළේ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය ඒකකය කටයුතු කර තිබුණි. 29 August 2018
එන්ටර්ප්රයිස් ශ්‍රීලංකා ජාතික ප්‍රදර්ශනය අද සිට දින 3 ක් මොණරාගලදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සංවිධානය කරන එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද (29) මොණරාගලදී ආරම්භ කෙරේ. 29 August 2018
‘අ’පුරේ පිරිපහදු කළ ජලය ප්‍රවාහනය කරන්නන්ගේ ප්‍රමිතියක් නෑ’ අනුරාධපුර නගරය හා අවට පිරිපහදු කළ ජලය ලෙස ප්‍රවාහනය කර විකුණනන්නේ කිසිදු ප්‍රමිතියක් නොමැතිව අජිනෝමොටෝ නැමති රස කාරකය යොදා නැවුම් රසය දැනෙන පරිදි සැකසු ව්‍යාජ ජලය බවට මහ නගර සභාව අනාවරණය කර ගෙන තිබේ. 29 August 2018
ගුද මාර්ගයේ හෙරොයින් සඟවාගෙන ගිය අයෙක් අත්අඩංගුවට අලෙවි කිරිමට හෙරොයින් පැකට් දෙකක් ගුද මාර්ගයේ සඟවාගෙන යමින් සිටි පුද්ගලයෙක් සැකපිට මෝරුක්කුලිය දිවුල්ගහ කොළණියේ දී අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි. 29 August 2018
නානුඔය වෙළඳසැළක ගින්නක් නානුඔය, ඩෙස්පෝට් ප්‍රදේශයේ පිහිටි වෙළඳසලක අද (28) අලුයම හටගත් හදිසි ගින්නක් නිසා එම වෙළඳසල හා නිවසක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව නානුඔය පොලීසිය පවසයි. 29 August 2018
ටැමඩෝල් සහ හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් තුනයි මිලිග්‍රෑම් 30 ක් සහ ටැමඩෝල් පෙති දෙකක් සමඟ සැකකරුවකු පුත්තලම - රත්මල්යාය ප්‍රදේශයේ දී ඊයේ (28) සවස අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමත්වී ඇත. 29 August 2018
මුහුද මැද දී ධීවරයෙක් මරුට බහුදින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් සිටියදී හදිසියේ අසනිප වීමෙන් පසු මුහුද මැද දී මිය ගිය ධීවරයකුගේ මළසිරුර අද උදේ (29) ගාලු වරාය වෙත රැගෙන පැමිණ ඇතැයි ගාල්ල වරාය පොලිසිය පවසයි. 29 August 2018
ඉවතලන බෙහෙත් තොගයක් මදුරන්කුලියේ පාරක් අයිනක පුත්තලම කොළඹ මාර්ගයේ මදුරන්කුලිය ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ පාලු ස්ථානයක අනාරක්ෂීත අයුරින් දමා ගොස් තිබු ඖෂධ තොගයක් මුන්දලම පොලිසිය මැදිහත්ව ආරක්ෂීතව ඉවත් කිරිමට අද ( 28 ) සවස කටයුතු කළේය. 28 August 2018
සිංහල දෙමළ මිතුරන් දෙදෙනා එකට සමුගනිති රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ සිංහල හා ද්‍රවිඩ මිතුරන් දෙදෙනෙකු අද(28) සවස අගුණුකොළපැලැස්ස ආචාරිගම සුසාන භූමියේ එකම වළක මිහිදන් කෙරිණි. 28 August 2018
ආපදා කළමනාකරණයේ හිටපු අධ්යක්ෂ -අධ්යක්ෂ ජනරාල්ගෙන් අයිතිවාසිකම් පෙත්සමක් සුනාමි පුර්ව අනතුරු දැනුම් දීමේ කුලුනු 77ක් අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබා දීමේදී රජයට රුපියල් දෙකෝටි විසිලක්ෂයක් පාඩු වූ සිද්ධියක් සම්බන්ධයෙන් බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් පියවර ගත යුතු බවට කර ඇති නිර්දේශය බල රහිත කරන ලෙස ඉල්ලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයකු සහ හිටපු අධ්‍යක්ෂකවරයකු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 28 August 2018
ධීවර යාත්‍රාවල සිදුවන හානිවලට ගෙවීම් කිරීමට රක්ෂණ ක්‍රමයක් ධීවර යාත්‍රාවලට සිදුවන අර්ධ සහ පූර්ණ හානිවලට ගෙවීම් කිරීම සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බව ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 28 August 2018
විදේශ රැකියාවලට යන කාන්තාවන්ගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාවට වැඩසටහනක් කාන්තාවන් විදේශ රැකියාවලට යාමේ දී අනිවාර්ය කර තිබූ පවුල් පසුබිම් වාර්තාව ඉවත් කර ඒ වෙනුවට එම කාන්තාවන්ගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සැරසෙයි. 28 August 2018
අම්පාරේ මිනීමරු අලි සිව් දෙනාගෙන් ගම්වැසියන්ට කරදර අම්පාර දිස්ත්‍රික්කයේ සිටින මිනීමරු වනඅලි සිව් දෙනෙකු නිසා ප්‍රදේශයේ ජනතාව තම දෛනික රාජකාරි කටයුතු කිරිමට නොහැකිව සිටින බව ගම්වැසියෝ කියති . 28 August 2018
පෙරියාරු ගඟේ එරී අලි පැටියෙක් මරුට ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ පුදුර් ගම්මානයට ආසන්නයේ පිහිටි පෙරියාරු ගඟ තුළ රෝගීව සිටි වනඅලි පැටියකු මඩේ එරී සිටි අවස්ථාවේ දී ගොඩට ගැනීමෙන් පසු අද (28) මියගිය බව පොලොන්නරුව වනජිවි කාර්යාලය පවසයි. 28 August 2018
රන්මාල කැඩූ බටනළා පිඹින්නා අත්අඩංගුවට කාන්තාවකගේ රුපියල් 1,40,000 ක් වටිනා රන්මාලයක් කඩාගෙන පලා යමින් සිටි බස් රථවල බටනළා පිඹින්නෙක් එම රන් මාලය ද සමඟ අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 28 August 2018
ගාල්ලේ වාරි ව්‍යාපෘති 7 ක් සංවර්ධනයට සැලසුම් කෘෂිකර්ම අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන “වැව් දහසයි ගම් දහසයි“ වැඩසටහන යටතේ 2018 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන වාරි ව්‍යාපෘති 7ක් ඉදිරියේ දී සංවර්ධනය කිරිමට සැලසුම් කර ඇත. 28 August 2018
ගිනිඅවි දෙකක් සමඟ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවි 2 ක් සහ පතුරම් තොගයක් සම තරුණයින් තිදෙනෙකු විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම පොලීසියට බාර දී ඇත. 28 August 2018
යහපාලනයට එරෙහිව සංදර්ශන රථයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ සම්මු මහතා විසින් යහපාලන රජයේ වසර තුනක පාලනයට එරෙහිව සංදර්ශන රථයක් පෙරටුකර ගනිමින් කවි කියමින් අද (28) පැවති දකුණු පළාත් සභා රැස්විමට සහභාගී වීමට පැමිණියේ ය. 28 August 2018
අධිකරණ නියෝගය කඩ කරමින් සිප්පි කටු ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙන්නෙක් අත්අඩංගුවට අධිකරණ නියෝගයකින් වෙන්දේසි වූ සිප්පිකටු තොඟයක් කුලියාපිටියට ප්‍රවාහනය කිරීමේදී දඹුල්ල පොලිස් බල ප්‍රදේශය පසු කරද්දී එහි අධිකරණ නියෝගයට වඩා කිලෝ 6680 ක් වැඩිපුර ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ පුද්ගලයන් දෙදෙනෙකු ලොරි රථයක් සමඟ සැකපිට දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 28 August 2018
නියඟයෙන් උතුරේ පවුල් 91,639 කට පීඩා උතුරු පළාතට මේ දිනවල පවතින නියං කාලගුණය හේතුවෙන් එහි ජීවත්වන පවුල් 91,639 කට අයත් පුද්ගලයින් 319,551 දෙනෙකු පීඩාවන්ට පත්ව සිටින බවට ප්‍රදේශයන් හි පිහිටි ආපදා කළමනාකරණ ඒකකය කියයි 28 August 2018
දෙදින නිල සංචාරයක් සඳහා ජපන් විදෙස් ඇමැති ලංකාවට ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (28 ) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි. 28 August 2018
මහියංගණ මුලික රෝහලේ සුළු සේවක වර්ජනයක් බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මහියංගන මූලික රෝහලේ සුළු සේවකයින් විසින් අතිකාල දීමනා ඇතුලූ තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අද (28) එක් දින සංකේත වැඩ වර්ජයනයක් ආරම්භ කර තිබේ. 28 August 2018
මීගහකිවුලේ අනතුරකින් කාන්තාවක් රෝහලේ මීගහකිවුල මොරහෙළපොළ හන්දිය අසලදී අද (28) බදුල්ල මහියංගන මාර්ගය ඔස්සේ පැමිණි ත්‍රි විල් රථයක් හා බදුල්ල කැටවත්ත අතුරුමාර්ගය ඔස්සේ පැමිණි මෝටර් රථයක් එකිනෙක හැපී මීටර් 10 ක් පමණ ඇදී ගොස් මාර්ගය අසල වූ සිමෙන්ති බැම්මක හැපීමෙන් ත්‍රී වීල් රථයේ ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 28 August 2018
කළහකාරීව හැසිරුණු 6 ක් අත්අඩංගුවට බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරි ලෙස හැසිරුණු බව කියන පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 28 August 2018
වැටලීමකට ගිය විශේෂ කාර්ය බලකා සෙබළා ගැටුමකට මැදි වී රෝහලේ මාවනැල්ල ඕවත්ත ප්‍රදේශයේ කසිප්පු තිප්පොලකදි විශේෂ කාර්ය බලකාය සහ කසිප්පු සැකකරු අතර සිදු වු ගැටුමකින් විශේෂ කාර්ය බලකා සෙබළා සහ කසිප්පු තිප්පොල අයිතිකරු මේ වන මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව මාවනැල්ල පොලිසිය පවසයි. 28 August 2018
හෙට දහවල් යාපනයට ළඟින් ඉර පායයි සූර්යයා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී හෙට (28) සිට සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 August 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025