IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා ජාතික ප්‍රදර්ශනය අද සිට දින 3 ක් මොණරාගලදී

 (රන්ජන් කස්තුරි)

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සංවිධානය කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද (29) මොණරාගලදී ආරම්භ කෙරේ. 

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද පෙරවරු 10ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විවෘත කරන අතර නිල සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 4ට පැවැත්වේ.

මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අබියස පරිශ්‍රයේ පැවැත්වෙන එම ජාතික ප්‍රදර්ශනය අද සිට 31 වැනිදා දක්වා දිනපතා පෙරවරු 10 සිට රාත්‍රී 12 දක්වා මහජනතාවට විවෘතව පවතී.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයට සමගාමීව හෙට පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඉඩම් ඔප්පු 800ක් බෙදාදීමට ද නියමිතය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ ප්‍රථම දින උත්සවයට රාජ්‍ය පරිපාලන කළමනාකරණ, නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ධීවර, ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න සහ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මහත්වරුන් ද සහභාගිවීමට නියමිතය.

මෙම ජාතික ප්‍රදර්ශනයට සමගාමීව මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කාපට් කිරීම, පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, හරිත උද්‍යාන තුනක් සකස් කිරීම ඇතුළු යටිතල පහසුකම් රැසක් දියුණු කිරීමට රජය පියවරගෙන තිබේ.



අදහස් (0)

එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා ජාතික ප්‍රදර්ශනය අද සිට දින 3 ක් මොණරාගලදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site