( කේ බුද්ධික කුමාරසිරි )
හෝමාගම ගොඩගම ලයනල් ජයසිංහ මාවත පළමු පටුමග ප‍්‍රදේශයේ නිවසක අද (29) උදෑසන 7 ට පමණ හටගත් ගින්නක් නිසාවෙන් එම නිවස සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
මීගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් එම නිවස කුලී පදනම මත පිරිසකට පදිංචිය සදහා ලබා දී තිබූ බවත් නිවසෙහි පදිංචිකරුවන් රැකියා කටයුතු සදහා පිටත්ව ගිය අවස්ථාවේදී මෙම ගින්න හටගෙන ඇති බවත් අදාල නිවස දෙසින් පිපුරුම් හඩක් ඇසී අසල්වාසීන් ඒ පිළබඳව සොයා බැලීමේදී නිවස ගිනි ගන්නවා දැක ගින්න නිවීමට කටයුතු කළද ඒ වන විටත් නිවස සම්පූර්ණයෙන්ම ගිනි ගෙන අවසන්ව තිබූ බවත් පොලිසිය පවසයි.
නිවසේ තිබූ ටයර් මෙට්ට සහ විදුලි උපකරණ රැසක් අසල්වාසීන් විසින් නිවසින් පිටතට ගැනීමට සමත්ව ඇති බවත් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැති බවත් පොලිසිය පවසයි
ගින්නට හේතුව නිවසේ විදුලි කාන්දුවක් බවට සැක කරන බවත් සිදු වූ අලාභය ගණනය කර නොමැති බවත් මීගොඩ පොලිසියේ ප‍්‍රකාශකයෙකු පැවසීය



2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගින්නකින් ගොඩගම නිවසක් මුළුමනින්ම ගිනිගනී