IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගිනිඅවි දෙකක් සමඟ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට


 
 
ජුඩ් සමන්ත
 
බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවි 2 ක් සහ පතුරම් තොගයක් සම තරුණයින් තිදෙනෙකු විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම පොලීසියට බාර දී ඇත.


අද (28) දහවල් පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයේ පදිංචි වයස අවුරුදු 30 - 33 වියේ පසුවන තිදෙනෙකි. ඔවුන් අතරින් දෙදෙනෙකු මුස්ලිම් ජාතිකයින් වන අතර එක් සැකකරුවකු සිංහල ජාතිකයෙකි.


සැකකරුවන් සතුව තිබී බෝර 12 ජීව පතුරම් 14 ක්ද විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.


නීලබැම්ම ප්‍රදේශයේ වන සතුන් දඩයම් කිරීම සඳහා තමන් ගිය බවත්, සතුන් දඩයම් කිරීමට නොහැකි නිසා ආපසු නිවෙස් වලට යමින් සිටි බවත් සැකකරුවන් පවසා ඇත.


සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ගිනිඅවි දෙකක් සමඟ තරුණයන් තිදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site