IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හෙට දහවල් යාපනයට ළඟින් ඉර පායයි

ඩයනා උදයංගනී
 
සූර්යයා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී හෙට (28) සිට සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවට මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
ඒ අනුව හෙට   දහවල් 12.11 ට යාපනය දිස්ත‍්‍රික්කයේ කලපූමී, කෝන්ඩාවිල් සහ නාවක්කාඩු  යන ප‍්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.
 
සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී අපේ‍්‍රල් මාසයේත්, දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මාසයේත් වශයෙන් වසරකට දෙවරක් ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුව ඉහළින් පවතින බව ඔහු සඳහන් කළේය.
 
අප්‍රේල් මාසයේදී දිවයින හරහා සුළං හැමීම අඩුවීම හේතුවෙන් දැඩි උණුසුමක් ඇති වුවද අගොස්තු මාසයේදී සුළං රටා හේතුවෙන් එතරම් උණුසුමක් නොදැනෙන බව ඔහු සඳහන් කළේය.
 
මීට අමතරව හෙට (27)  දිනයේදී  සවස 02.00 න් පමණ පසු ඌව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ද ස්ථාන ස්වල්පයක සිහින් වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තාවකාලිකව තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.



අදහස් (0)

හෙට දහවල් යාපනයට ළඟින් ඉර පායයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site