ජයරත්න වික්‍රමාරච්චි
බීමත්ව ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරි ලෙස හැසිරුණු බව කියන පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
මෙම පස්දෙනා 27 වැනි දා සවස නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේදීත් අනෙක් පුද්ගලයා එදින මධ්‍යම රාත්‍රියේ දීත් නවගත්තේගම නගර සීමාවේදීත් අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
නවගත්තේගම නගරයේ දී අත්අඩංගුවට ගත් සැකකරු බීමතින් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හළක උපකරණයකට හා මල්පෝච්චියකට පහරදී කඩා දමා ඇති බවත් ප්‍රදේශයේ තැපැල් පෙට්ටියකට පහරදී ඇති බවත් ලැබී ඇති තොරතුරක් මත විමර්ශන සිදුකරන බවත් පොලීසිය පවසයි.
සැකකරුවන් අදාළ ප්‍රදේශවලම පදිංචිකරුවෝ වෙති. නවගත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd