(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම රත්මල්ගස් යාය ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටි ප්‍රධාන පෙළේ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය ඒකකය කටයුතු කර තිබුණි.
අත් අඩංගුවට ගත් සැකකරු කාලයක් පුරා පුත්තලම සහ පාලවිය යන ප්‍රදේශවල හෙරොයින් සහ ඇපල් පෙති ( ට්‍රැමඩෝල් ) ඇතුළු නීති විරෝධි මත් ද්‍රව්‍ය අලෙවියේ යෙදී සිටි බව වාර්තා වී ඇත.
28 දින සවස අදාළ සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම්03 යි මිලි ග්‍රෑම් 30 ක් සමඟ ඇපල් පෙති 08ක් තිබූ බව පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය කියයි. අත් අඩංගුවට ගත් සැකකරු ඉදිරි පරීක්ෂණ හා අධිකරණ කටයුතු සඳහා පුත්තලම මුලස්ථාන පොලිසියට භාර දී තිබුණි.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පුත්තලම කොට්ඨාස පොලිස් අධිකාරි ජේ. ඒ. චන්ද්‍රසේන මහතාගේ මෙහෙය වීමෙන් කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ. ඩී. ඒ. අයි. සී. දසනායක මහතා සමග පොලිස් සැරයන් 59874 ක්‍රිස්ටෝපර් පොලිස් කොස්තාපල් 67437 ලක්මාල් , 70044 ප්‍රසන්න, 72557 අජිත් , යන නිලධාරීහු වැටලීමට එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හෙරොයින්-ටැමඩෝල් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට