(දයාරත්න ඇඹෝගම)
කරකොලගල යාය පෞද්ගලික ඉඩමක ගල්තාලාවක් පුපුරා නිධන් ගැනීමට තැත්කළ බව කියන විශ්‍රාමික හමුදා කපිතාන්වරයකු ඇතුළු සිව් දෙනෙකු අද (29) අත්අඩංගුවට ගත්බව ගල්කිරියාගම පොලිසිය කියයි.
ගම්වාසින් පිරිසක් විසින් පොලිසියේ අංක 119 දුරකතනයට ලබාදුන් පණිවුඩයක් අනුව පොලිසිය විසින් මෙම වැටලිම සිදුකර තිබුණි.
පොලිසිය විසින් මෙම ස්ථානය වටලන අවස්ථාවේදී සැකකරුවන් විසින් ගල්තලාව හාරමින් සිටි බව පොලිසිය කියයි.
මෙම වැටලිමේදී කුරුණෑගල තෝරයාය ප්‍රදේශයේ පදංචි විශ්‍රාමික හමුදා කපිතාන්වරයා සමගින් උහුමිය.නාලන්ද සහ කරකොලගල යාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සිව් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් නිදන් ගැනීමට ගල්තලාව හැරීමට භාවිතා කළ වෙඩි බෙහෙත්,ඇමෝනියා,ගල්කටු ඇතුළු ආයුධ සහ උපකරණ කිහිපයක්ද පොලිසිය බාරයට ගෙන තිබේ.
සැකකරුවන් සිව්දෙනා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd