(ජේ.කේ.එල් චාමින්ද සහ ඩී.ජි සුගතපාල)
කෘෂිකර්ම අමාත්‍යංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන “වැව් දහසයි ගම් දහසයි“ වැඩසටහන යටතේ 2018 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන වාරි ව්‍යාපෘති 7ක් ඉදිරියේ දී සංවර්ධනය කිරිමට සැලසුම් කර ඇත.
වැසි ජලයෙන් උපරිම ඵල නෙළා ගෙන කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් ගොවිතැන් කිරීම සඳහා ජල අවශ්‍යතාවය සපුරා දීම මෙම ව්‍යාපෘති තුළින් සිදු කෙරේ.
හික්කඩුව, ඇල්පිටිය, තවලම, අක්මීමණ, බද්දෙගම සහ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ මෙම අමුණු ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන අතර අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කෙරේ.
රත්ගම පන්විල ඇළ , ඇල්පිටිය පොල්ලෙවෙල අමුණ, තවලම කැකුණහේන අමුණ , වලහන්දුව ඒදණඩ කුඹුර අමුණ, පිලාන වැරැල්ලාන යාය පිටවාන සහ බද්දෙගම අම්බලන්දුව අමුණ ප්‍රදේශයේ ජල අවශ්‍යතාව සපුරන පරිදි සංවර්ධනය කිරීම් කටයුතු සිදු කෙරේ.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන ලබා දී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගාල්ලේ වාරි ව්‍යාපෘති 7 ක් සංවර්ධනයට සැලසුම්