සිංගප්පූරු වෙළඳ ගිවිසුමට එරෙහිව රතන හිමියෝ සාක්ෂි දෙති එජාප පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු ජනපති කමිටුව හමුවේ පෙනි සිටිමින් ඒ ගිවිසුමට එරෙහිව අද (30) සාක්ෂි දුන්හ. 30 August 2018
හොරණ අධිකරණයෙන් පුද්ගලයකු පලායයි පොල් සොරකමකට හා මත්කුඩු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටි පුද්ගලයකු අද (30) හොරණ අධිකරණය තුළදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පලාගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 30 August 2018
කල්පිටිය - පාලවිය මාර්ගය අවහිර කර පිරිසක් උද්ඝෝෂණයක ආන්දන් කන්නිය ප්‍රදේශයේ රජයේ ඉඩමක ප්‍රදේශයේ නොවන ජනතාවක පදිංචි කොට ඇති බවත් එහි නිවාස යෝජනා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් පවසමින් ආන්දන් කන්නිය ජනතාව අද (30) උද්ඝෝෂණයක නිරත වූහ. 30 August 2018
මිහින්තලේ බස්නැවතුම හදද්දී ලක්ෂ 7 ක දැව විකුණලා මිහින්තලේ බස් නැවතුම්පොළ නවීකරණය කිරිමේදී එහි පැරණි ගොඩනැගිල්ලේ තිබු රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා දැව හා සෙවිලි තහඩු රුපියල් 6000 කට විකුණා ඇතැයි රජයේ විගණනයේ දී හෙළි වී තිබේ. 30 August 2018
හෙද පරිපුර්වක වර්ජනයෙන් රෝගීන් අමාරුවේ වයඹ පළාතේ හෙද පරිපූර්වක හා අතුරු වෛද්‍ය ශ්‍රේණි සඳහා 2017 වසරේ ගෙවිය යුතු හිඟ අතීකාල දීමනා ප්‍රමාද කිරිමට විරෝධය දක්වමින් වයඹ පළාත් සභාවට අයත් රෝහල්වල අදාළ ශ්‍රේණිවල පිරිස් අද (30) සේවයෙන් ඉවත් වී සිටිම නිසා රෝහල් කටයුතු වලට බාධා එල්ල වී තිබිණි. 30 August 2018
මහවැලි ගඟ බේරාගන්න ත්‍රි‘මලේ සිවිල් සංවිධාන එළියට බසී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් සේරුවිල, මුතූර් ,වෙරුගල් ආදී ප්‍රදේශවල ජීවිත දස දහස් ගණනාවක් වැලි ජාවාරම නිසා අනතුරට පත්ව ඇතැයි සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු පවසති 30 August 2018
සබරගමුවේ සිසුන් 1500 ක් පාරට බසිති සබරගමුව සරසවිය සිසුන් විසින් මේවන විට සරසවි භුමියේ ඉදිකරමින් යන සිසු විරු ප්‍රතිමාවට පාලන අධිකාරිය අවසර නොදීමට එරෙහිව විශ්ව විද්‍යාලයීය සිසුන් 1500 ක් පමණ අද (30) විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේ සිට පාගමනින් පැමිණ ප්‍රධාන දොරටුව අභියස විරෝධතාවයක නිරතවුහ. 30 August 2018
යතුරුපැදි-මොටර් රථ අනතුරකින් අයෙක් රෝහලේ යතුරුපැදියක් හා මෝටර් රියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය පවසයි. 30 August 2018
පෙරමුණු රජයන් යටතේ නෞකා 4 ක් නාවික හමුදාවට බාරදෙයි එක්සත් ජාතික පෙරමුණු රජයන් යටතේ ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු 4 වැනි නෞකාව ද මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාරදී තිබේ. 30 August 2018
ළිඳට වැටී බිළිඳකු මරුට යාපනයේ අරාලි වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ දී අවුරුද්දක් වයසැති බිළිඳකු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි. 30 August 2018
වයඹ පීඑච්අයිලා වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 30 August 2018
නිවාස කොල්ලකෑ අයෙක් හෙරොයින් සමඟ අත්ඩංගුවට ගල්කිස්ස තෙලවල රත්මලාන නිවාස ,ව්‍යාපාරික ස්ථාන, වැඩබිම් වලින් භාණ්ඩ සොරා ගන්නා පුද්ගලයකු හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 30 August 2018
උතුරේ ළමා හිංසන වළවක්වන්නැයි උද්ඝෝෂණයක් උතුරු පළාතේ කාන්තාවන්ට සිදුවන හිංසන සහ ළමා අපයෝජන වළක්වා ගැනීමට වගකිවයුතු බලධාරීන් මැදිහත් වන ලෙස ඉල්ලමින් විරෝධතා පාගමනක් අද (30) වවුනියාව නගරයේදී පැවැත්විණ. 30 August 2018
මල්වතු ඔය දෙපස පවිත්‍ර කිරිම යළි අරඹන්න’යි ඉල්ලා උද්ඝෝෂණයක් අනුරාධපුර මල්වතු ඔය දෙපස පවිත්‍ර කිරිම යළි අරඹන ලෙස ඉල්ලා මල්වතු ඔය දෙපස පදිංචිකරුවන් සහ ගොවි සංවිධාන සාමාජිකයන් පිරිසක් අද (30) අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම ඉදිරියේ දී උද්ඝෝණයක් ඇරඹුහ. 30 August 2018
ඌවේ සුව සේවා සංගමයේ උද්ඝෝෂණයක් සමස්ත ලංකා සුව සේවා සංගමයේ බදුල්ල ශාඛාව මගින් සංවිධානය කරන උද්ඝෝෂණයක් බදුල්ල නගරයේ දී අද (30) පැවැත්වේ. 30 August 2018
තංගල්ල ලංගම ඩිපෝ සේවකයෝ උපවාසයක ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා අද (30) උදෑසන තංගල්ල ඩිපෝවේ සේවකයින් කිහිපදෙනෙකු ගොඩනැගිල්ලක වහලය මත නැඟ මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබීය. 30 August 2018
කොන්දොස්තරට පහරදුන් දෙදෙනෙක් අත්අඩංගුවට කොළඹ සිට මන්නාරම දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක්ට හලාවත නගරයේ දී පහර දුන් බව කියන තවත් පෞද්ගලික බස් රථයක රියදුරකු සහ කොන්දොස්තරවරයෙක් කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 30 August 2018
අ’පුරේ නුවර වැවට මහවැලි ජලය නිකුත් කරන්න යයි අනුරාධපුර නගරයේ පානීය ජල අවශ්‍යතාව අඛණ්ඩව සැපයීම සඳහා ජල මට්ටම පහත වැටී ඇති අනුරාධපුර නුවර වැවට මහවැලි ජලය නිකුත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. 30 August 2018
නවගත්තේගම ව්‍යාපාරිකයාට පහර දුන් තිදෙනා අත්අඩංගුවට නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට පහරදී බරපතල තුවාල සිදුකර පළාගොස් සිටි බව කියන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 30 August 2018
පොලිස් කොස්තාපල් විදුලි කණුවේ හැපී මරුට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අහුංගල්ල ප්‍රදේශයේ දී විදුලි කණුවක හැපිමෙන් මියගොස් තිබේ. 30 August 2018
ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදල් කපා හරින ලෙස ඉල්ලා ගලෙන්බිඳුනුවැවදී උද්ඝෝෂණයක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය මුදල් කපා හරින ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් අද (29) ගලෙන්බිඳුනුවැව යකල්ල ගල්කුලම හන්දියේදී උද්ඝෝෂණයක නිරත වූහ. 29 August 2018
ගලහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය දරුවාගේ දේහය නිවසට ගලහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය දරුවාගේ දේහය නිවසට (ඩබ්ලව්.ඒ. අසේල) ගලහ රෝහලට ඇතුළත් කොට වෛද්යඅවරුන්ගේ නොසැලකිල්ල නිසා මියගිය වයස අවුරුදු එක හමාරක වයසැති සංකර් සජී ගේ මෘත දේහය අද (29) දෙලතොටවත්ත පිහිටි නිවසට ගෙනු එනු ලැබීය. මෘත දේහය නිවසට ගෙන එන විට දහසකට අධික පිරිසක් රැස්වී සිටි අතර ප්‍ර දේශය පුරා පොලිස් ආරක්ෂාව යොදා තිබුණි. මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය මහ රෝහලේදී සිදුකළ අතර ඒ පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදෙන ලදි. 29 August 2018
බගවන්තලාවේදී දැව ලොරියක් පෙරැළෙයි බගවන්තලාව සිට කිතුල්ගල දක්වා දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වී ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි. 29 August 2018
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට වෙල්ලාවලී සින්නවත්ත ප්‍රදේශයේ වෙල්යායකදී වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (29) සවස හමුවී ඇති බව වෙල්ලාවලී වනජීවී බීට්ටු කාර්යාලය පවසයි. 29 August 2018
ත්‍රිකුණාමල කප්පල්තුරෙයි වැසියෝ උද්ඝෝෂණයක ත්‍රිකුණාමලය කප්පල්තුරෙයි ප්‍රදේශයේ පදිංචි කරුවන් කොටසක් එම ඉඩම්වලින් ඉවත් කිරිමට කුමන්ත්‍රණයක් පවතින බැව් කියමින් එම පදිංචිකරුවන් අද (29) ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලිණි. 29 August 2018
උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙදෙනෙකු රෝහලේ අක්මීමණ ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර අද (29) දහවල් සිදුවූ ගැටුමකින් තුවාල ලැබු සිසුන් දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි අක්මීමණ පොලිසිය පවසයි. 29 August 2018
ගල්කිරියාගමින් රූපලාවන්‍ය ශිල්පිනියකගේ මළ සිරුරක් ගල්කිරියාගම රණව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී රූපලාවන්‍ය ශීල්පිනියකගේ සිරුරක් ගල්කිරියාගම පොලිසිය විසින් සොයාගෙන තිබේ. 29 August 2018
‘දිරිය හළ’ ව්‍යාපෘතිය ඇරඹෙයි පිළිකා රෝගයෙන් පෙළෙන මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් හා වැඩිහිටියන් විසින් කළ නිර්මාණ අලෙවි කර ඔවුන්ගේ සුබසාධනය සැලසීමේ අරමුණින් ඇරඹුණු ‘දිරිය හළ’ ව්‍යාපෘති අද (29) සෙත්සිරිපායේ දී ආරම්භ කෙරිණි. 29 August 2018
රුහුණු සරසවියේ සිසුන් විරෝධතාවයක රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හා එක්ව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (29) ගාල්ල කරාපිටිය රුහුණ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨය ඉදිරිපිට දී පැවැත්විණි. 29 August 2018
බෝපේ ප්‍රා.ස වේ සේවකයෝ විරෝධතාවක් බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය සභාවේ සේවිකාවකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් සභාවේ සේවකයෝ අද (29) සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ. 29 August 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025