IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උතුරේ ළමා හිංසන වළවක්වන්නැයි උද්ඝෝෂණයක්

( සිතුම් චතුරංග)

උතුරු පළාතේ කාන්තාවන්ට සිදුවන හිංසන සහ ළමා අපයෝජන වළක්වා ගැනීමට වගකිවයුතු බලධාරීන් මැදිහත් වන ලෙස ඉල්ලමින් විරෝධතා පාගමනක් අද (30)  වවුනියාව නගරයේදී පැවැත්විණ.


  වවුනියාව නගර සභාව ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දක්වා ගමන් කෙරිණි.


  විරෝධතාකරුවන් පවසා සිටියේ ළමා අපයෝජන හා කාන්තා හිංසන සිදුකරන වරදකරුවන් වෙත නීති සංශෝධනය කොට දැඩි දඬුවම් ලබාදිය යුතු බවත්ය.

 සෙසු පළාත් වලට සාපේක්ෂව උතුරු පළාතේ අන්තර්ජාල ඔස්සේද කාන්තාවන් හා ළමයින් වෙත සිදුවන හිංසාකාරී සිද්ධීන් වැඩිවී ඇති බවත් එම හිංසන වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියහ.


මෙම හිංසන සඳහා උතුරේ පැතිරයන මත්ද්‍රව්‍ය ජාවාරම විශේෂයෙන් වගකිවයුතු බවත් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට පොලිසිය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන ලෙසටද ඉල්ලා සිටින බව විරෝධතාකරුවන් වැඩිදුරටත් පැවසීය.


 විරෝධතාවය සඳහා වවුනියාව දිස්ත‍්‍රික් කාන්තා සංගමය ඇතුළු සිවිල් සංවිධාන රාශියක් එක්ව සිටියහ.


පාගමනේ නිරතවූවන් විසින් කාන්තා හා ළමා හිංසන වළක්වා ගැනීමට හා මත්ද්‍රව්‍ය තුරන් කරන ලෙස ඉල්ලා වවුනියාව නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික‍්‍රම මහතා වෙත සංදේශයක්ද භාරදෙනු ලැබීමෙන් අනතුරුව විරෝධතාව අවසන් කෙරිණ

 



අදහස් (0)

උතුරේ ළමා හිංසන වළවක්වන්නැයි උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site