IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


වයඹ පීඑච්අයිලා වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති

 

ජුඩ් සමන්ත

 

වයඹ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

තලවිල දේවස්ථානයේ පසුගිය මාර්තු මස පැවති මංගල්‍යයේ විශේෂ රාජකාරි  සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අතිකාල දීමානා නොගෙවීම සහ කප්පාදු කිරීමට එරෙහිව පසුගිය මස 30 වැනි දා මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ආරම්භ කරන ලදී.

ඒ අනුව තලවිල දේවස්ථානයේ අගෝස්තු මංගල්‍යයේ විශේෂ රාජකාරි වලින් වැළකී සිටීමට පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ලදි. පසුව එක් දිනක් ලෙඩ නිවාඩු වාර්තා කළ අතර,පසුව රාජකාරියට වාර්තා කරන නමුත් කේෂත්‍ර රාජකාරි වලින් බැහැර වීමට ඔවුන් තීරණය කළේය.

මෙම තත්ත්වය නිසා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවති විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්දන දූමායන කටයුතුද ඇණ හිටින ලදි. හලාවත - මුන්නේෂ්වරම දේවාලයේ නිකිණි මංගල්‍යයේ විශේෂ රාජකාරි වලින්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වී සිටියේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්ෂේත්‍ර රාජකාරියෙන් ඉවත් වී සිටි කාලය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකින්ම ඩෙංගු රෝගීන් වාර්තා විය.

පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සහාය පල කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත් වී සිටියේය.

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡා වට කීපයකින් පසුව තලවිල දේවස්ථානයේ රාජකාරි කළ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිඟ අතීකාල දීමනා ගෙවීමට එක් වී ඇත.

 



අදහස් (0)

වයඹ පීඑච්අයිලා වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31770 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14227 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11146 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 214 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 320 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site