(නවරත්න සමරතුංග)
වෙල්ලාවලී සින්නවත්ත ප්‍රදේශයේ වෙල්යායකදී වන අලියෙකුගේ ප‍්‍රහාරයට ලක්ව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (29) සවස හමුවී ඇති බව වෙල්ලාවලී වනජීවී බීට්ටු කාර්යාලය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වෙල්ලාවලී නැගෙනහිර පදිංචි තම්බිරාසා ගුනරාසා නැමති 45 හැවිරිදි ගවපට්ටිකරුවෙකු බවත් මොහු අලුයම් කාලයේදී අලියාගේ ප‍්‍රහාරයට ලක්ව ඇති බවත් විශ්වාස කරයි.
එළුවන් බැලීමට ගිය පට්ටිකරුවෙකු මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර දැක ඇති අතර පසුව ඒ බව වෙල්ලාවලී පොලීසියට දැනුම්දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd