(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව සිට කිතුල්ගල දක්වා දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වී ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේදී අද (29) පස්වරුවේ මෙම අනතුර සිදුවී තිබේ.
මෙම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ හදිසියේම ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd