IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කල්පිටිය - පාලවිය මාර්ගය අවහිර කර පිරිසක් උද්ඝෝෂණයක

(පද්මා කුමාරී කංකානම්ගේ )

ආන්දන් කන්නිය ප්‍රදේශයේ රජයේ ඉඩමක ප්‍රදේශයේ නොවන ජනතාවක පදිංචි කොට ඇති බවත් එහි නිවාස යෝජනා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් පවසමින් ආන්දන් කන්නිය ජනතාව අද (30) උද්ඝෝෂණයක නිරත වූහ.

කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගය ගමනාගමනයට බාධා වන අයුරින් ආන්දන් කන්නිය ප්‍රදේශයේන් අවහිර කොට පිරිස උද්ඝෝෂණයේ  නිරතවූහ.

ආන්දන් කන්නියේ ඉඩම් අහිමි පවුල් රැසක් සිටින බවත් පර්චස් 10 ක වැනි කුඩා ඉඩමක ඔවුන් ජීවත් වෙන බවත් එම නිසා දැනට ඉතිරිව තිබෙන පර්චස් 50 ක රජයේ ඉඩම ප්‍රදේශයේ දිළිදු ජනතාවට බෙදා දෙන ලෙස උද්ඝෝෂණයේ නිරත පිරිස් පැවසූහ.

මේ අවස්ථාවට කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී එම් නජිමුඩීන් මහතා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී  එස්.සලාහුදීන් යන අය පැමිණ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝම රත්න මහතා සමඟ සාකච්ඡා කොට පිළිතුරක් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර ගියහ.

මේ පිළිබඳව විමසා බැලීමට කල්පිටිය ප්‍රදේශීය ලේකම් නන්දන සෝම රත්න මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර නොදැක්විය.



අදහස් (0)

කල්පිටිය - පාලවිය මාර්ගය අවහිර කර පිරිසක් උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site