IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගලහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය දරුවාගේ දේහය නිවසට

(ඩබ්ලව්.ඒ. අසේල)

ගලහ රෝහලට ඇතුළත් කොට වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මියගිය වයස අවුරුදු එක හමාරක වයසැති සංකර් සජී ගේ මෘත දේහය අද (29) දෙලතොටවත්ත පිහිටි නිවසට ගෙනු එනු ලැබීය.

මෘත දේහය නිවසට ගෙන එන විට දහසකට අධික පිරිසක් රැස්වී සිටි අතර ප්‍රදේශය පුරා පොලිස් ආරක්ෂාව යොදා තිබුණි.

මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය මහ රෝහලේදී සිදුකළ අතර ඒ පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදෙන ලදි.

ඊයේ දින සිදුවූ සිද්ධිය නිසා එහි සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනා මේ වන විට මහනුවර දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා කාර්යාලයට අනුයුක්ත කොට ඇති අතර අනෙක් කාර්ය මණ්ඩලයේ සියළු දෙනා ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයට සේවය සඳහා වාර්තා කර ඇත.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත්  පරීක්ෂණයක් ආරම්භ කරන බවත් විරෝධතාකරුවන් එල්ල කළ ප්‍රහාරය නිසා රෝහලට සිදුවූ හානිය පිලිබඳ වාර්තාවක් ලබාදීම සඳහා කණ්ඩායමක් මේ වන විටත් පත්කර ඇති බවත්ය.

 

 



අදහස් (2)

ගලහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය දරුවාගේ දේහය නිවසට

mangala Wednesday, 29 August 2018 08:19 PM

දොස්තරලා දෙන්නද හදිසි අනතුරු වෙලා ආපු දෙන්නව හා කුඩා දරුවාව බලලා තියෙන්නේ. එක්කෙනෙකුට CPR දෙනකොට අනෙත් කෙනා කොහොමද බලන්නේ. දොස්තරලා 4 දෙනෙක්වත් නැත්නම් මේ රෝහලට යන්න එපා,දොස්තරලට සහ රෝගීන්ට කරන කාරුණික අයාචනයයි.

:       0       0

sam Wednesday, 29 August 2018 11:48 PM

කතාවේ සියලුම පැතිකඩවල් සොයා බැලීමෙන් අනතුරුව දොස්තරලාගේ නොසැලකිල්ලට නීතියෙන් විතරක් නෙවෙයි ස්වභාවධර්මයෙනුත් දඬුවම් ලැබේවා. රෝහලට හානිය වීමේ මුලික වගකීමත් මේ සිද්ධියට මුලික වුනු උදවියටම ලැබිය යුතුයි. මොනවා වුනත් අම්මගේ තාත්තාගේ දුක දැක්කම අපිටත් ඒ දුක දැනෙනවා. දරුවාගේ මරණයට වග කියා යුතු අයව පොලිස් ආරක්ෂාව මැද හරි මේ අම්මා තාත්තා විඳවන හැටි ගෙනල්ල පෙන්නන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site