IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහවැලි ගඟ බේරාගන්න ත්‍රි‘මලේ සිවිල් සංවිධාන එළියට බසී

(කාංචන කුමාර ආරියදාස)

 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් සේරුවිල, මුතූර් ,වෙරුගල්  ආදී ප්‍රදේශවල ජීවිත දස දහස් ගණනාවක් වැලි ජාවාරම නිසා අනතුරට පත්ව ඇතැයි සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු  පවසති 

රාජ්‍ය නිලධාරීන්ගේ ආධාර අනුබල ඇතිව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක මහවැලි ගඟේ මහා පරිමාණයෙන් වැලි ගොඩදැමීම නිසා ප්‍රදේශයේ ජන ජීවිතයට මෙන්ම පරිසරයට බාධා රැසක් එල්ලවී ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (30) දඹුල්ලේ දී පැවසීය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ  ගොවි සංවිධාන පරිසර සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන රැසක නියෝජිතයින් මෙම මාධ්‍ය හමුවේ දී තම ප්‍රදේශයේ ජනතාවට සිදුව ඇති පාරිසරික හානිය පිළිබඳව අදහස් දැක්වීම විශේෂත්වයකි.

"පාලකයෙනි සේරුවිල, මුතූර් ,වෙරුගල්, ජීවිත දස දහස් ගණනක් අනතුරේ මහවැලි ගඟේ පරිසර විනාසය වහා නවතනු" මැයෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියාසිටියේ මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශවලින් ගලා යන මහවැලි ගඟ  වැලි කැනීම් නිසා මේ වන විට අඩි 20 වඩා ගැඹුරට හෑරී ඇති බවය.

එමෙන්ම ගොඩබිමට වඩා ගඟ ගැඹුරු වීම හේතුවෙන් ප්‍රදේශයේ වැව් අමුණු ළිං සිඳී යෑම නිසා ගොවිතැන් බත් සිදුකිරීමට සහ ජන ජීවිතයට බාධා එල්ල වී මුහුදු ජලය ළිංවලට එකතු වීමේ අවදානමක් මතුව ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම කිලෝමීටර් පහළොවක් පමණ දුර මහවැලි ගඟ දිගේ ලවණ මිශ්‍ර මුහුදු ජලය රට තුළට ඇතුළු වී ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

මධ්‍යම පරිසර අධිකාරිය පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද සමීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙම ප්‍රදේශයේ වැලි ගොඩදැමීම නිසා උග්‍ර ජල හිඟයකට මෙන්ම ප්‍රදේශයේ කාන්තාර තත්ත්වයකට පත්වන බවට සටහන් තබා ඇති බවද හෙතෙම එම ලියකියවිලි මාධ්‍ය හමුවේ පෙන්වමින් අවධාරණය කිරීම ද විශේෂත්වයකි.

 



අදහස් (0)

මහවැලි ගඟ බේරාගන්න ත්‍රි‘මලේ සිවිල් සංවිධාන එළියට බසී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site