ඩී.ජී.සුගතපාල
අක්මීමණ ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර අද (29) දහවල් සිදුවූ ගැටුමකින් තුවාල ලැබු සිසුන් දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි අක්මීමණ පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ තොරතුරු තාක්ෂණ අංශයේ සිසුන් දෙදෙනෙකි.
ඉකුත් 20 වැනි දා පැවති සංගීත සංදර්ශනයකදී සිදු වූ සිද්ධියක් මුල්කරගෙන ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් හා තොරතුරු අංශයේ සිසුන් පිරිසක් අතර අද දහවල් මෙම ගැටුම හටගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා අක්මීමණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd