IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදේශ රැකියාවලට යන කාන්තාවන්ගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාවට වැඩසටහනක්

(විනීතා එම් ගමගේ)
 
කාන්තාවන් විදේශ රැකියාවලට යාමේ දී අනිවාර්ය කර තිබූ පවුල් පසුබිම් වාර්තාව ඉවත් කර ඒ වෙනුවට එම කාන්තාවන්ගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සැරසෙයි.
 
නව වැඩපිළිවෙල යටතේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශගත වන්නට අවස්ථාව නොලැබෙනු ඇති බවත් අවුරුදු 5 ට වැඩි වයසැති දරුවන් ඇතත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු නොවන්නේ නම් එවැනි මව්වරුන්ට ද විදේශ ගත වීමට අවස්ථාව දිය නොහැකි බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ලංකාදීපයට පැවසීය.
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලියාපදිංචි වී විදේශ ගතවන අයට සියලුම වරප්‍රසාද ලබාදීමට හැකියාව ලැබෙන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතවන්නැයි නිතර අවවාද කරන්නේ එම ප්‍රතිලාභ මෙන්ම ආරක්ෂාව තහවුරු වන නිසා බවත් හෙතෙම කියා සිටියේය.
 
පවුල් පසුබිම් වාර්තාවක් ලබාගත යුතු බවට වන නීති පනවා තිබීම නිසා නොයෙක් වංචනික මාර්ග ඔස්සේ කාන්තාවන් විදේශගත වීම මගින් කාන්තාවන්ගේ හා පවුල්වල ආරක්ෂාවට බරපතල හානියක් සිදුව ඇති බවත් පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට කැබිනට් මණඩලයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුයේ මේ නිසා බවත් නානායක්කාර මහතා කීය.
 
කාන්තාවන් රටයාමේදී පවතින නීති රීති බාධා ඉවත් කළ විට කූට උපක්‍රම වලින් විදේශගත වීමත් අවමවනු ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා සුරක්ෂිත රට රැකියාවක් වෙනුවෙන් කටයුතු කරන බව ද පැවසීය.



අදහස් (0)

විදේශ රැකියාවලට යන කාන්තාවන්ගේ පවුල්වල දරුවන්ගේ ආරක්ෂාවට වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site