IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුත්තලමේ හිටපු සභාපතිට ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කිරිම ගැන විමර්ශනයක් ඉල්ලයි

ජුඩ් සමන්ත සහ එච් චන්දන

 

පුත්තලම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී එහි ලේකම්වරයා විසින් සභිකයකුට ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සිද්ධියට මුහුණ දුන් සභිකයා විසින් මුන්දලම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

ජල බෝතල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන නිමල් බමුණුආරච්චි මහතාය.

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ඊයේ (28) රැස්විය. ඒ මදුරන්කුලියේ පිහිටි පුත්තලම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ දීය.

පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් ට්‍රැක්ටරයක් ඇතුළු යන්ත්‍ර අළුත්වැඩියා කිරීම සඳහා පසුගිය කොමසාරිස් පාලන සමයේ විශාල මුදලක් වැයකර ඇති බව උප සභාපති ජයම්පතී බන්දුරාජා මහතා සභාවේ දී කියා සිටියේය.

මෙම වැය කිරීම සිදුවී ඇත්තේ පසුගිය කොමසාරිස් පාලන සමයේදී බවත්, ඒ සම්බන්ධයෙන් ලේකම්වරයා කරුණු දැක්විය යුතු බැවින් සභාව කාරක සභා අවස්ථාවක් ලෙස සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

පුත්තලම ප්‍රාදේශීය සභාව විසින් ඉදිකර ඇති මදුරන්කුලිය වෙළඳ සංකීර්ණයේ  කඩ කාමර බදු දීමේදී අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව සභික (හිටපු සභාපති) නිමල් බමුණුආරච්චි මහතා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ලදී.

එම අවස්ථාවේදී සභා ලේකම් සෝමසිරි ජයසිංහ මහතා සහ සභිකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. අවසානයේදී තම මේසය මත තිබූ ජල බෝතලයෙන් සභාවේ ලේකම්වරයා විසින් නිමල් බමුණුආරච්චි සභිකයා වෙත ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ඒ සමගම සභාව උණුසුම් වී ගියේය. ලේකම්වරයාට  තව දුරටත් එම තනතුර දැරීමට නොහැකි බවත්,සභාවේ වැඩබලන ලේකම්වරයා ලෙස ප්‍රධාන ලිපිකරු පත් කළ යුතු බවත් උප සභාපති ජයම්පතී බන්දුරාජා මහතා විසින් යෝජනාවක් ගෙන එන ලදි.

එම යෝජනාව සභාක සුනිල් පෝරුතොට මහතා විසින් ස්ථීර කරන ලද අතර ඊට සියළුම සභිකයින්ගේ සහාය හිමි විය.

ජල බෝතල් ප්‍රහාරයට ලක්වූ ප්‍රාදේශීය සභා සභික නිමල් බමුණුආරච්චි මහතා විසින් මේ සම්බන්ධයෙන් මුන්දලම පොලීසියට පැමිණිළි කර ඇත.

සභාවේ ලේකම්වරයා සම්බන්ධයෙන් වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බව සෙසු සභිකයින් කියා සිටියේය.

 



අදහස් (0)

පුත්තලමේ හිටපු සභාපතිට ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කිරිම ගැන විමර්ශනයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site