IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මීගහකිවුලේ අනතුරකින් කාන්තාවක් රෝහලේ

නිශාන්ත කුමාර

 

මීගහකිවුල මොරහෙළපොළ හන්දිය අසලදී අද (28) බදුල්ල මහියංගන මාර්ගය ඔස්සේ පැමිණි ත්‍රි විල් රථයක් හා බදුල්ල කැටවත්ත අතුරුමාර්ගය ඔස්සේ පැමිණි මෝටර්  රථයක් එකිනෙක හැපී මීටර් 10 ක් පමණ ඇදී ගොස් මාර්ගය අසල වූ සිමෙන්ති බැම්මක හැපීමෙන් ත්‍රී වීල් රථයේ ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

 

අනතුරට ලක්ව ඇත්තේ බණ්ඩාරවෙල විශාඛා හංදිය පදිංචි නන්දනී පෙරේරා නැමැති (49) කාන්තාවකි.

 

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රී වීල් රථයේ සිටි කුඩා දැරියක් ද සුළු සීරීම් තුවාල ලබා ඇති අතර ත්‍රී වීල් රථයට හා මෝටර් රථයටද දැඩි හානි සිදුවී තිබේ.

 

අතුරු මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ මොටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා එය ප්‍රධාන මාර්ගයට පිවිසෙනවාත් සමඟම දකුණූ පසින් ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණි ත්‍රීවීල් රථයේ පැමිණි වාහන දෙකම මීටර් දහයක් පමණ ඉදිරියට ඇදී ගොස් ඒ අසල වූ වේල්ලේ හැපී නතර වූ බව සිද්ධීය සියැසින් දුටුවෙක් පැවසීය.

 



අදහස් (0)

මීගහකිවුලේ අනතුරකින් කාන්තාවක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site