(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වැව් 3324 ක් මේ වන විට සම්පුර්ණයෙන් සිදී ගොස් ඇතැයි වාරිමාර්ග ඉංජිනේරුවරු පවසති.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මුළු වැව් ප්‍රමාණය 3327 කි. ඉන් විශාල වැව් 14 කි. මධ්‍යම ප්‍රමාණයේ වැව් 103කි. ඉතිරි වැව 3324 ක් සුළු වාරිමාර්ග ඝණයට අයත් වේ.
මේ වන විට මෙම සුළු වාරිමාර්ග වැව 3324 ක් ම සම්පුර්ණයෙන්ම සිදී ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමේදී උතුරු මැද පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.එම්.ටී.හේරත් මහතා මෙසේ පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින දැඩි නියඟය හේතුවෙන් වැව් සිදී ගොස් තිබෙනවා. නියං සමය හේතුවෙන් කන්න කිහිපයකින් කුඹුරු වගා කරලා නැහැ. දෙපාර්තමේන්තුව මගින් මේවන විට වැව් රැසක් පිළිසකර ඇති බවත් ඉදිරි ගොවිතැන් කටයුතු සඳහා වැසි බලාපොරොත්තුව සිටින බවද අධ්‍යක්ෂකවරයා පැවසීය.
අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතා ගෙන් කළ විමසුමේදී හෙතෙම මෙසේ පැවසිය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ වැව් 103 ක් තිබෙනවා. මින් විශාල වැව් 14 ක් තිබෙනවා. මේ සියල්ල මධ්‍යම රජයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙනවා.
මේ විශාල වැව් 14 න් රාජාංගණය ජලාශයේ හැර අනෙක් වැව් සියල්ල විශාල වශයෙන් සිදි ගොස් ඇතැයිද ප්‍රසන්න සිල්වා මහතා මෙහිදී පැවසීය.
දැඩි නියඟය හේතුවෙන් අනුරාධපුර නගරයට පානීය ජලය සපයන නුවරවැවේ ජලය නොමැතිකම නිසා මේවන පනස් දහසකට අධික පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ’පුරේ වැව් 3324 ක් හිදිලා