(දයාරත්න ඇඹෝගම)
මාතලේ හන්දියේ දී යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් 21 හැවිරිදි යතුරුපැදිකරු මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අංක 188 සමගි මාවත කුරුන්දන්කුලම ලිපිනයේ පදිංචිව සිටි අශාන් ඉදුවර උපුල්දෙණිය (21) නැමති අයෙකි.
මියගිය අය කැකිරාව දෙස සිට අනුරාධපුර බලා එමින් සිටියදී අනුරාධපුර දෙස සිට කැකිරාව දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථය අපරික්ෂාකාරි අන්දමින් මාතලේ හන්දිය අසලදී අතුරු මාර්ගයට හරවද්දී යතුරුපැදිය වෑන් රථයේ බදේ ගැටීමෙන් මෙම අනතුර සිදුවු බව පොලිසිය කියයි.
මෙම අනතුරින් පසුව යතුරුපැදිකරු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව එහිදි මිය ගොස් තිබිණි.
වෑන් රථය පදවා ඇත්තේ 19 හැවිරිදි බාල වයස්කරුවෙකි. මාතලේ දේවගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම බාල වයස්කාර රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd