(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ අධික නියඟය හේතුවෙන් මිහින්තලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පවුල් 8000ක පුද්ගලයන් විසිපන්දහසකට අධික ප්‍රමාණයක් ජල හිඟයෙන් පීඩාවට පත්ව ඇතැයි මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනෙවිරත්න මහතා අද (2) පැවසීය.
මෙම නියඟයෙන් මිහින්තලේ ග්‍රාම සේවා වසම් 25 ක පුද්ගලයන් මෙසේ ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටිති.
දොරමඩලාව , සිප්පුකුලම සහ ඉහළගම යන කොට්ඨාසවල නියඟය වඩාත් උග්‍රවී ඇතැයි ද මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැවසීය.
නියඟය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපති ලාල් සෙනෙවිරත්න මහතා මෙසේ ද පැවසීය.
මිහින්තලේ කනදරාව වැව ඇතුළු වැව් 15 ක් මේ වන විට සම්පුර්ණයෙන්ම හිදිලා. සභාවේ වතුර බවුසර් දෙකත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබෙන බවුසරයත් යොදා ගෙන ජලය නොමැති ප්‍රදේශවලට ජලය බෙදාහැරීම සිදු කරනවා.
ජලය සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලයට මුදල් ගෙවන්න ඕනේ. එහෙත් මේ සඳහා මුදල් නැහැ. මේවන විට ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය ලබා ගන්නේ ණයට. ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා මුදල් ලබාදෙන බව පැවසුවත් මෙතෙක් මුදල් ලැබී නැහැ.
ජලය බෙදාහැරීමට සභාවට තවත් බවුසරයත් ලැබුණ හොත් ජලය බෙදාහැරීම තවත් කඩිනම් ව සිදුකළ හැකි බවද සභාපතිවරයා මෙහිදී පැවසීය.
අනුරාධපුරය, මිහින්තලය සහ රඹැවැව ප්‍රදේශ සදහා ජලය සපයන නුවරවැවේ ජලය සිදීයාමේ හේතුවෙන් රඹැවැව සහ මිහින්තලයට ජලය සපයනුයේ දිනක් හැර දිනක්ය.
ජල හිඟය නිසා මේවන විට මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලය ද දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිහින්තලේ පවුල් 8000 ක් ජල හිඟයෙන් පීඩාවට