රොමේෂ් මධුෂංඛ
වව්නියාව, ඕමන්ත, පනික්කෙයිනීරාවි ප්‍රදේශයේ නිධන් හෑරීමට ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව වව්නියාව ඕමන්ත පොලීසිය පවසයි.
ඕමන්ත පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී අදාළ පිරිස ප්‍රදේශයේ පෞරාණික ස්ථානයක් හාරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ අතර, අත්අඩංගුවට පත්වූවන් අතර නිධන් ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂා කර අදුන් බැලීම සිදුකළ පුද්ගලයකු ද තවත් කාන්තාවක් ද සිටින බව පොලීසිය පවසයි.
පොලිසිය පැවසූවේ සැකකරුවන් සතුව තිබි ගල් විදින යන්ත්‍රයක්, අලවංගු, උදලු, ගල් විදීම සඳහා යොදා ගත් වෙඩි බෙහෙත්, පූජා භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් හමුවී ඇති බවයි.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරුවන් වව්නියාව ඕමන්ත හා කනගරායන්කුලම ප්‍රදේශයන්ගේ පදිංචි පුද්ගලයින් වන අතර සැකකරුවන් වයස අවුරුදු 22 ත් 28 ත් අතර පසුවන්නෝ වෙති.
අත්අඩංගුවට ගත් පිරිස වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (3) ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕමන්තේ නිධන් හාරන්න ගිය කතක් ඇතුළු 6 ක් අත්අඩංගුවට