සුමතිපාල දීයගහගේ
නිධානයක් හෑරිමට පැමිණ සිටි කට්ටඩියකු ඇතුළු සිව් දෙනෙකු පූජාවක් පැවැත්වීමට සුදනම් කර තිබූ මල් බුලත් කපුරු ආදී භාණ්ඩ සමඟ අහංගම නාකන්දේ නොන්ඩියවත්තේ දී අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණ තොරතුරක් මත නාකන්ද ප්‍රදේශයට ගිය පොලිස් නිලධාරින්ට එහි නිවසක් ඉදිරිපිට ඇතැයි කියන නිධානයක් හෑරිමට මොවුන් සූදානම්ව සිටි බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
එම නිවසේ මිදුලේ තැනින් තැන වළවල් කීපයක් හාරා තිබු බවද පොලිසිය පවසයි.
පොලිසිය එම ස්ථානයට කඩා පනින විට නිවසේ අයිතිකරු පලා ගොස් සිටි බවත් නිධානය ගැනීමට පැමිණි කට්ටඩියා මහනුවර ප්‍රදේශයේ පදිංචිචරුවකු වන අතර අනිත් තිදෙනා මහරගම සහ මොනරාගල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් අද (3) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd