IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගල් පාලමෙන් පෙරළෙයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
නවගත්තේගම ගල්ගමුව මාර්ගයේ ගල්වංගුව පාලමට අද (3) කැබ් රථයක් පෙරළී ඇතත් එහි කිසිවකුටත් හානි සිදුව නැති බව නවගත්තේගම පොලිසිය පවසයි. 


මීගමුව සිට මන්නාරම දක්වා ගමන් කරමින් තිබු මෙම කැබ් රථය ගල් වංගුව පටු පාලම ආසන්නයේ දී වෙනත් වාහනයකට මාර්ගය ඉඩදීමට යාමේදී මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබේ.


අදාළ කැබ් රථය හලාවත ප්‍රදේශයේ ඉස්සන් මිළදී ගන්නා පෞද්ගලික ආයතනයකට අයත් බවත් මන්නාරම සිට ඉස්සන් මීගමුවට රැගෙන විත් එම තොගය ලබා දී ආපසු මන්නාරමට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.


අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ රියදුරු සමඟ සහයකයා ද ගමන් කර ඇති නමුත් ඔවුන්ට කිසිදු හානියක් සිදුවී නැති නමුත් කැබ් රථයට බරපතල හානි සිදුව ඇති බව නවගත්තේගම  පොලිසිය පවසයි.



අදහස් (0)

ගල් පාලමෙන් පෙරළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site