නිමල කොඩිතුවක්කු
දිවයිනේ සියලූම පාසල් වල ඉගෙනුම ලබන දුවා දරුවන් හට පළමු පන්තියේ සිටම පරිසරය පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක‍්‍රිෂ්ණන් මහතා අද(03) පැවැසීය.
දැනට රටේ වන ඝනත්වය සියයට 28 ක් පමණ වන බවත් එය වර්ධනය කර ගැනීම සඳහා පාසල් දරුවන් යොදාගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඔහු සදහන් කළේය.
දරුවන්ට කුඩා අවදියේ සිටම පරිසරයට ආදරය කිරීමට, පරිසරය රැක ගැනීමට සහ පරිසරයේ වැදගත් කම දරුවන්ගේ හිතට වදින ආකාරයෙන් කියා දීමට මෙම වැඩසටහන් ක්‍රියාත්මක බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ මගින් දිවයිනේ සියලූ පාසල් වල දුවා දරුවන් හට රටට අත්‍යවශ්‍ය පරිසරයක් ගොඩ නැගීමට මාර්ගය කියා දිය යුතු බවත් ඒ සඳහා ජාතික වැඩපිළිවළක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක‍්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බන කියන්නේ නැතිව , දරුවන්ට ඩෙස්, පුටු, හොඳ වැසිකිලි සහිත ගොඩනැගිලි හදල දෙන්න. දුප්පත් ගම්වල ළමයින්ට පරිසරය ගැන හොඳ අවබෝධයක් තියනවා . ඒ ළමයින්ගෙන් ඉගෙන ගන්න.