IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දරුවන්ට කුඩා කළ සිටම පරිසරය ගැන කියාදෙන්න යයි

නිමල කොඩිතුවක්කු
 
දිවයිනේ සියලූම පාසල් වල ඉගෙනුම ලබන දුවා දරුවන් හට පළමු පන්තියේ සිටම පරිසරය පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක‍්‍රිෂ්ණන් මහතා අද(03)  පැවැසීය.
 
දැනට රටේ වන ඝනත්වය සියයට 28 ක් පමණ වන බවත්  එය වර්ධනය කර ගැනීම සඳහා පාසල් දරුවන් යොදාගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඔහු සදහන් කළේය.
 
දරුවන්ට කුඩා අවදියේ සිටම පරිසරයට ආදරය කිරීමට, පරිසරය රැක ගැනීමට සහ  පරිසරයේ වැදගත් කම දරුවන්ගේ  හිතට වදින ආකාරයෙන් කියා දීමට  මෙම වැඩසටහන් ක්‍රියාත්මක බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
 
මේ මගින්  දිවයිනේ සියලූ පාසල් වල දුවා දරුවන් හට රටට අත්‍යවශ්‍ය පරිසරයක් ගොඩ නැගීමට මාර්ගය කියා දිය යුතු බවත් ඒ සඳහා ජාතික වැඩපිළිවළක් සකස් කළ යුතු බවත්  අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක‍්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (1)

දරුවන්ට කුඩා කළ සිටම පරිසරය ගැන කියාදෙන්න යයි

vidya Monday, 03 September 2018 04:22 PM

ඔය බන කියන්නේ නැතිව , දරුවන්ට ඩෙස්, පුටු, හොඳ වැසිකිලි සහිත ගොඩනැගිලි හදල දෙන්න. දුප්පත් ගම්වල ළමයින්ට පරිසරය ගැන හොඳ අවබෝධයක් තියනවා . ඒ ළමයින්ගෙන් ඉගෙන ගන්න.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site