(චාපා මධුභාෂිණී)
ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පෙරියාරු ගගේ දිවුලාන විල්ලුව ආසන්නයේ දියේ ගිලීම හේතුවෙන් මරණයට පත්වූ තවත් වල් අලි දෙදෙනෙකුගේ මළ සිරුරු අද(02 ) සවස සොයා ගත් බව පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.
පසුගිය 01 වන දින පෙරියාරු ගගේ දිවුලාන විල්ලුව ආසන්නයේ වල් අලි පස්දෙනෙකු මිය ගොස් සිටි බවත් අද සවස 5.00 පමණ තවත් වල් අලි දෙදෙනෙකු එම ස්ථානයේදීම දියේ ගිලී මිය ගොස් සිටි බව පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
මෙලෙස මියගොස් ඇති වල් අලි ගොඩට ගැනීමේ මෙහෙයුම් සඳහා පොලොන්නරුව අඩවි ආරක්ෂක කේ.ඒ උපාලි කුමාරතුංග, අඩවි සහකාර එස්.ඒ වික්‍රමරත්න, වන සත්ත්ව නියමකවරුන් වන ඩී.එම් අරුණ ශාන්ත, අමල් රන්දික අමරසිංහ, ක්ෂේත්‍ර සහායකවරුන්වන තිස්ස ඕපල්ගල, චන්දන සේනාරත්න, රියදුරු ජනක අමරසිංහ යන මහත්වරුන් සමඟ කදුරුවෙල පොලිසියේ නිළධාරීන් සහ ප්‍රදේශවාසීහු එක්ව සිටිති.
පෙරියාරු ගගේ දිවුලාන විල්ලුව ආසන්නයේ ජපන් ජබරවලින් පිරි ස්ථානයෙක මෙම අලි හත්දෙනා ගොඩට ඒමට නොහැකිව දියේ ගිලී මරනයට පත්ව සිටියදී මෙලෙස සොයාගත් බව පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් අලි දෙදෙනෙක් මඩේ එරී මැරෙති