බලපත්‍ර රහිතව තුවක්කුවක් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට බලපත්‍ර රහිතව බෝර 12 තුවක්කුවක් ළඟ තබාගත් අයෙකු අද(13) සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි. 13 January 2020
ආයුධ - මත්කුඩු - උණ්ඩ ළඟ තබාගත් අයෙකු යළි රිමාන්ඩ් පිහියක්, මත්කුඩු, පිස්තෝල උණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා බන්ධනාගාර ගතව සිටි අයෙකු ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද(13) නියම කළේය. 13 January 2020
කංසා පැළ 1500ක් සමඟ අයෙකු අත්අඩංගුවට තණමල්විල බලහරුව ප්‍රදේශයේ රක්ෂිතයක එළවළු වගා කරන මුවාවෙන් කංසා වගා කළ පුද්ගලයෙකු අද (13) කංසා පැළ 1500 ක් සමග උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි. 13 January 2020
මාමා ඝාතනය කළ බෑණාට මරණ දඬුවම පොල්ලකින් පහර දී මාමණ්ඩිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බෑණාට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිස්සංක මහතා අද(13) මරණ දණ්ඩනය නියම කර, අධිකරණය මගහැර සිටින විත්තිකරු අත් අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු ද නිකුත් කළේය. 13 January 2020
‘පලාගල ප්‍රා. සභා රැස්වීමට ජංගම දුරකතන තහනම් ‘ පලාගල ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා රැස්වීම පැවැත්වෙන ශාලාව තුළට ජංගම දුරකන රැගෙන ඒම ලබන සභා වාරයේ සිට තහනම් කිරීමට අද(13) පැවැති රැස්වීමේදී තිරණයක් ගෙන තිබේ. 13 January 2020
හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට මරණ දඬුවම් හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි හෙරොයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණ දඬුවම අද (13) නියම කළේය. 13 January 2020
මිරිදිය මත්ස්‍ය වගාව නගාසිටුවන්න බංගලාදේශයෙන් විශේෂඥ කණ්ඩායමක් මිරිදිය මත්ස්‍ය වගාව නගාසිටුවීම සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය ලබාදීමට බංගලාදේශයේ විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය සඳහන් කරයි. 13 January 2020
අපිරිසිදුව පවත්වාගෙන ගිය ආපනශාලා 4කට නඩු හැටන්, කොටගල අපිරිසිදු ආකාරයෙන් ආපනශාලා 4ක් සහ වෙළඳසැලක් පවත්වාගෙන ගිය සිව්දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට අද(13) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ. 13 January 2020
කප්පම් මුදලක් ඉල්ලූ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 40ක කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කළ ව්‍යාපාරිකයකු වරකාගොඩදී අද(13) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 13 January 2020
ඇමැති මහින්ද අමරවීර බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් තත්ත්ව පරීක්ෂා වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව සෑහීමකට පත්විය හැකිනම් පමණක් මෙම ව්‍යාපෘතිය දුම්රිය දෙපාර්තමේන්තුවට බාර ගැනීමට කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද බෙලිඅත්ත නව දුම්රිය ස්ථානයේදී පැවසුවේය. 13 January 2020
අ’පුර නගර සබේ නගරාධිපතිගේ නඩුව මැයි 26 කැඳවයි අනුරාධපුර නගරාධිපතිවරයා සහ උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව පවතින නඩුව ලබන මැයි මස 26 වැනිදා කැඳවීමට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කළේය. 13 January 2020
පදවිය පොලීසියේ රථ වාහන නඩුවලින් දිනකට ලක්ෂ 5 ක ආදායමක් රජයට පදවිය පොලිස් ස්ථානය මගින් පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ රථ වාහන නඩු වලින් එක් දිනකදී පමණක් රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් රජයට අය කර දීමට පදවිය පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු සමත්ව සිටිති. 13 January 2020
ගලි බවුසර් හැලුවාට වැලිගම ප්‍රදේශවාසීහු වීදි බසිති වැලිගම උඩුකාව පෙදෙසෙහි ඉඩමකට ගලි බවුසර් හළා දමායාම හේතුවෙන් පාරිසරික හානි රැසක් සිදුව ඇතැයි පවසමින් ප්‍රදේශවාසීහු අද(13) විරෝධතාවක යෙදුණහ. 13 January 2020
මත්ද්‍රව්‍ය ශරීරගත කරගනිමින් සිටි තරුණයකු අත්අඩංගුවට හෙරොයින් මත්ද්‍රව්‍ය ශරීරගත කරගනිමින් සිටි අයෙකු මතුගම උඩවෙල නිවසකදී අද(13) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි. 13 January 2020
විදුහල්පතිවරයෙක් ඉවත් කරන්නැයි දර්ගා නගරයේ විරෝධතාවක් දර්ගා නගරයේ පිහිටි මුස්ලිම් විදුහලේ විදුහල්පතිවරයාට එම පාසලෙන් ඉවත්වන ලෙස බල කරමින් පාසලේ දෙමව්පියන් විශාල පිරිසක් අද(13) පාසල් ප්‍රධාන දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයකනිරත වූහ. 13 January 2020
රිය අනතුරකින් සරසවි සිසුවෙක් මරුට මුලතිව් උදයාර්කට්ටු මූංකිලාරු ප්‍රදේශයේදී යතුරුපැදියක් විදුලි කණුවක ගැටීමෙන් සරසවි සිසුවෙකු මිය ගොස් ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. 13 January 2020
සොරාගත් බැංකු ණයවර පතකින් මුදල් ගනිද්දී කාන්තාවක අත්අඩංගුවට නිවසකින් සොරකම් කළ බැංකු ණයවර පතක් යොදාගනිමින් මූල්‍ය ආයතනයකින් මුදල් ලබාගැනීමට තැත් කළ කාන්තාවක අද(13) අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය කියයි. 13 January 2020
හොරෙන් වැලි පැටවූ පුද්ගලයකු අත්අඩංගුවට ගිරාඳුරුකෝට්ට පොලිස් වසමට අයත් දිවුලපැලැස්ස ප්‍රදේශයේ දොළ පාරක දිය කදුරක නීතිවිරෝධී අයුරින් වැලි කැණීම් සිදුකර ට්‍රැක්ටරයකට පටවමින් සිටි පුද්ගලයකු ට්රැක්ටරය ද සමඟ අද (13) අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි. 13 January 2020
කංසා පැළ 788ක් සමඟ දෙදෙනෙකු එස්ටීඑෆ් දැලේ වෙන්නප්පුව බෝලවත්ත උතුරු කම්මල ප්‍රදේශයේ මල් පැළ තවානක් පවත්වාගෙන යන මුවාවෙන් රහසිගතව කංසා පැළ වගාකළ දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 13 January 2020
යතුරුපැදියෙන් ගෙදර යමින් සිටි කොස්තාපල්ට වල්අලි ප්‍රහාරයක් නිවාඩු ලබා යතුරුපැදියෙන් නිවස බලා ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු වන අලි ප්‍රහාරයකට ලක්ව පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව කරුවලගස්වැව පොලිසිය පවසයි. 13 January 2020
මාතලේ නගරාධිපතිට එරෙහි උද්ඝෝෂණයක් මාතලේ මහ නගරාධිපතිවයා විසින් නාගරික මන්ත්රිවරයෙකුට පහරදීම හා ඔහුගේ නොමනා පාලනයට විරෝධය දක්වමින් පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් අද (13) මාතලේ ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුහ. 13 January 2020
තාප්පයක ගැටුණු යතුරුපැදිකරු මරුට කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් ගල්මුරුව වලව්ව අසළ දි අද (13) පමණ පාරෙන් ඉවතට අසළ වු තාප්පයක ගැටී වූ අනතුරින් යතුරු පැදියේ ආ පුද්ගලයා එම ස්ථානයේ දි ම මිය ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි. 13 January 2020
වැවක ගිලී අතුරුදන් වූ අයෙකුගේ සිරුර හමුවෙයි බණ්ඩාරගම උයන්වත්ත වැවෙහි ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද(13) හමු වූ බව පොලිසිය කියයි. 13 January 2020
අබලන් බස් රථ ඉවත්කරන්නැයි මඩොල්සිම විරෝධතාවක් මඩොල්සිම - ඇකිරිය මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (13) උද්ඝෝෂණයක නියැලී සිටිති. 13 January 2020
එළවළු මිල අඩුකරන්න බෑ එළවළු මිල අඩුකළ නොහැකි බවත් සමනළ වැව ව්‍යාපෘතිය නිසා වගාබිම් යටවී ගිය බවත් ඉදිරියේ තම රාජ්‍ය අලෙවි අංශයක් ඇතිකර නිෂ්පාදකයාට හා පාරිභෝගියකාට සාධාරණය ඉටුකරන බවත් ජලසම්පාදන හා ජලාපවහන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කීය. 12 January 2020
ඉන්ධන හිඟයක් ඇති වෙන්න ඉඩ තබන්නේ නෑ ‘‘පසුගිය දිනවල බොරු ප්‍රචාරයක් ගියා රට තුළ ඉන්ධන හිඟයක් තිබෙනවා කියා. ඒ අනුව සමහරුන් ඉන්ධන පිරවුම් හල් ළඟ පෝලිම් ඇති වුණා. අපි සතුව අවශ්‍ය තරම් ඉන්ධන තිබෙනවා. කිසිඳු ඉන්ධන හිඟයක් ඇති නොවන්නට අපි කටයුතු කරනවා..‘‘ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (12) සවස අගුණකොලපැලැස්ස දික්වැව ප්‍රදේශයේ පැවති මහජන හමුවකදී පැවසීය. 12 January 2020
ජර්මන් කත බිය ගන්වා රන්බඩු ගත් දෙදෙනෙක් අත්අඩංගුවට අලුත්ගම කළුවාමෝදර මුල්ලපිටිය පාරේ සුපිරි බංගලාවක දිගු කාලයක් මුළුල්ලේ පදිංචිව සිටි ජර්මන් ජාතික කාන්තාවක් බියගන්වා ලක්ෂ 80ක් වටිනා අත් ඔරලෝසුවක්, රන් භාණ්ඩ හා විදෙස් මුදල් පැහැර ගත් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට අලුත්ගම පොලීසිය පවසයි. 12 January 2020
ඇල්ල සංචාරක කලාපයේ පැළ සිටුවති දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පාරාදීසයක් වූ ඇල්ල කදු ප්‍රදේශයේ දේශීය පැළ වර්ග දහසක් රෝපණය කිරීම රාජ්‍ය ආයතන රැසකගේ සහභාගීත්වයෙන් අද (12) සිදුවිය. 12 January 2020
උයන්වත්ත වැවේ දිය නාන්න ගිය අයෙක් මරුට බණ්ඩාරගම උයන්වත්ත වැවේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 12 January 2020
විග්නේෂ්වරන් රැජිණිකාන්තන් හමුවෙයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංචාරයක යෙදී සිටින උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සුප්‍රකට කොලිවුඩ් නළු රජිනි කාන්ත් මහතා හමුවී අද (12)පිළිසදරක නිරත වූහ. 12 January 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026