IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අ’පුර නගර සබේ නගරාධිපතිගේ නඩුව මැයි 26 කැඳවයි

(උපාලි ආනන්ද)

 

අනුරාධපුර  නගරාධිපතිවරයා සහ උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 9 දෙනෙකුට එරෙහිව පවතින නඩුව ලබන මැයි මස 26 වැනිදා කැඳවීමට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කළේය.

අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂකවරයාගේ  නිවසට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර රුපියල් ලක්ෂ 30 ට අධික දේපල අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

එදිනට විවෘත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද අනුරාධපුර නගරාධිපතිවරයා සහ උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන්ට මහාධිකරණ විනිසුරුවරයා තවදුරටත් නියෝග කරනු ලැබීය.

රජයේ අධි නීතිඥ නුවන් කෞෂළ්‍ය මහතා විසින් අධි චෝදනා 13 බැගින් වෙන් වෙන් වශයෙන්  මෙම විත්තිකරුවන්ට මීට පෙර අනුරාධපුර මහාධිකරණයේ දී බාර දෙනු ලැබීය.

අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ  නිවසට බෝම්බ  ප‍්‍රාහාරයක් එල්ල කර  රුපියල් ලක්ෂ 30 ක පමණ දේපල හානියක්  සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු   සැකකරුවන්   අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි  තඹුත්තේගම  මහේස්ත‍්‍රත්වරයා  පොලිසියට අවස්ථා දෙකකදී මීට පෙර නියෝග ලබාදී  තිබුණද පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට  ගැනීම  දිගින් දිගටම පැහැර හැර තිබිණි.  



අදහස් (0)

අ’පුර නගර සබේ නගරාධිපතිගේ නඩුව මැයි 26 කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31884 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14350 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11186 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1194 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site