IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කප්පම් මුදලක් ඉල්ලූ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රුපියල් ලක්ෂ 40ක කප්පම් මුදලක් ලබාගැනීමට තැත් කළ ව්‍යාපාරිකයකු වරකාගොඩදී අද(13) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
 
සැකකරු කප්පම් මුදල ලබාගැනීමට පැමිණි මෝටර් රථයද පොලිසිය බාරයට ගෙන ඇත.
 
සැකකරු ඉඩම් හිමි වැවිලි කරුවකුගේ නිවසට ගොස් ඔහුගේ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහරින බව පවසා, එය වළක්වා ගැනීමට අවශ්‍ය නම් රුපියල් ලක්ෂ 40ක මුදලක් අවශ්‍ය බව තර්ජනය කර තිබූ බව පොලිසිය කියයි.
 
පැමිණිලිකරු ඒ මොහොතේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාදී ඉතිරි මුදල් අද(13) ලබා දෙන බවට පොරොන්දු වී තිබේ. සැකකරු මුදල ලබාගැනීමට නිවසට පැමිණි අවස්ථාවේදී එහි රැකවල්ලා සිටි පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
 
කෝටිපති ව්‍යාපාරිකයා සිටින දර්ශන ඇතුළත් වීඩියෝව තිබූ ජංගම දුරකතනයද පොලිසියට බාරයට ගෙන ඇත.
 
සැකකරු වරකාගොඩ පොලිසියට බාර දී ඇත.
 



අදහස් (0)

කප්පම් මුදලක් ඉල්ලූ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site