ඇසිඩ් ප්‍රහාරයකින් 8 ක් රෝහලේ බුලත්කොහුපිටිය මොරොන්තොට ප්‍රදේශයේ පවුල් දෙකක දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී ඇසිඩ් ප්‍රහාර එල්ල කර ගැනීම නිසා පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය පවසයි. 12 January 2020
රත්තොට මන්ත්‍රීට පහර දුන් පුද්ගලයා සොයා පරීක්ෂණ රත්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකුට පහරදුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇති බව රත්තොට පොලිසිය කියයි. 12 January 2020
ජල ගැටලු බලන්න රාජ්‍ය ඇමැති වාසුදේව එයි බලන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජනතාවට පවතින පානිය ජල ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා අද (12) බෙලිහුල්ඔය ජල සම්පාදන කාර්යාලයට පැමිණියේය. 12 January 2020
රැල්ල පාගන්න ගොස් මියගිය තරුණයාගේ සිරුර ගොඩ ගසයි වෙන්නප්පුව වයික්කාල මුහුදු තීරයේ රැල්ල පාගමින් සිටියදී මිය ගිය අනෙක් තරුණයාගේ සිරුර අද (12) මාඔය ආසන්නයේ ගොඩ ගසා තිබියදී සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 12 January 2020
වැටලීමකට ගිය එස්ටීඑෆ් පිරිසකට පහරදීමක් අම්පාර උහන ලාහුගල රක්ෂිතයේ වැටලීමකට ගොස් එහි ජාවාරම්කරුවන් පිරිසක් විසින් අතහැර දමා ගොස් තිබු දැව ට්‍රැක්ටරයක් රැගෙන එමින් සිටි විශේෂ කාර්ය බළකායාගේ භට පිරිසකට ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් පහර දී තිබේ. 12 January 2020
'ඇසුරුම් කරන්න දුන් කිරි පැකට් ලක්ෂ ගණනක් ලොරිවල' පසුගිය ආණ්ඩු සමයේ මිල්කෝ සමාගමේ කිරි පැකට් ඇසුරුම් කිරීම සදහා පෞද්ගලික අංශයට ලබා දී තිබු පැකට් එක්ලක්ෂ තුන්දහසක් ප්‍රමාණයක් අඹේවෙල මිල්කෝ ආයතනයේ ලොරි 11ක ගබඩා කර තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද(11) පැවැසීය. 11 January 2020
නාන්න ගිය තිදෙනෙක් දියේ ගිලී මරුට වෙන්නප්පුව කම්මලවැල්ල මුහුදු ප්‍රදේශයේ දිය නාමින් සිටි පිරිසක් අතරින් තිදෙනකු අද (11) දියේ ගිලී ගොස් මියගොස් ඇති බව පොලිසිය කියයි. 11 January 2020
ඇළක ගිලී පාසල් සිසුවෙක් මරුට බලන්ගොඩ රජවක ප්‍රදේශයේ ඇළක ගිලී පාසල් සිසුවකු අද(11) මියගොස් ඇතැයි පොලිසිය කියයි. 11 January 2020
’’යටිතල පහසුකම් නැතිව පළාත් පාලන ආයතන පිහිටුවීම ගැටලුවක්’’ යටිතල පහසුකම් සම්පූර්ණ නොකර අලුතින් පළාත් පාලන ආයතන පිහිටුවීම හේතුවෙන් තම සේවාවන් නිසි ලෙද ඉටු කරගත නොහැකි වී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධි නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය. 11 January 2020
මුහුදු රළට හසු වී ගසාගෙන ගිය දරුවකු බේරාගැනේ රත්ගම මුහුදේ දිය නාමින් සිටියදී අද (11) මුහුදේ ගසාගෙන යමින් සිටි ළමයෙකු රත්ගම පොලසියේ සැරයන්වරයෙකු බේරාගෙන ගොඩට ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුළත් කරතිබේ. 11 January 2020
විදෙස් රැකියා දෙන බව අඟවා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට විදේශ රැකියා ලබාදෙන බව පවසමින් කාන්තාවන් නවදෙනෙකුගෙන් ලක්ෂ 13කට අධික මුදලක් වංචා කළ කන්තාවක් හොරොව්පොතාන පරංගියාවාඩිය ප්‍රදේශයේදී අද (11) අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 11 January 2020
කැබැල්ලෑවකු මරා මස් ගෙනයමින් සිටි අයෙකු අත්අඩංගුවට වඳවීගෙන යන දුර්ලභ ඝනයේ සත්වයකු වන කැබැල්ලෑවකු මරා මස් රැගෙන යමින් සිටි පුද්ගලයකු උඩුගම කාබිල්වත්තේ දි අත්අඩංගුවට ගත්බව උඩුගම පොලිසිය පවසයි. 11 January 2020
හාලිඇළ නිවසක් ගිලා බසී උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ දුම්රිය ස්ථානය ආසන්නයේ නිවසක කාමරයක් අද(11 ) ගිලා බැස ඇතැයි හාලිඇළ පොලිසිය කියයි. 11 January 2020
ටී 56 ගිනි අවියක් විකිණීමට ගිය අයෙකු අත්අඩංගුවට මඩකලපුව, වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ කුරින්දිනගර් ප්‍රදේශයේදී ටී.56 ගිනි අවියක් විකිණීමට ගෙනයමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු සමත්වූහ. 11 January 2020
පෝදා අරක්කු - කසිප්පු අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට දුරුතු පොහෝ දා බලපත්‍ර රහිතව රජයේ අරක්කු අලෙවි කළ පුද්ගලයකු සහ කසිප්පු පෙරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවල පොලිසිය කියයි. 10 January 2020
වැඩි මිලට මත්පැන් විකුණූ පුද්ගලයෙක් අත්අඩංගුවට දුරුතු පෙහෝදා වැඩිමිලට රජයේ අනුමත මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු අද (10) අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පවසයි. 10 January 2020
රන් භාණ්ඩ සොරකම් කළ කතුන් දෙදෙනෙකු රිමාන්ඩ් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රන් භාණ්ඩ සොරකම් කළ සැකකාර කාන්තාවන් දෙදෙනෙකු ජනවාරි 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් එම්.එම්. රෆික් මහතා අද (10) නියෝග කළේය. 10 January 2020
පලා කැඩීමට ගිය පුද්ගලයෙකුගේ සිරුරක් වැවකින් හමුවෙයි කටුපොත - ගලගෙදර වැවට පලා කැඞීම ගොස් අතුරුදහන්වූ බව කියන පුද්ගලයෙකුගේ සිරුර ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව කල සෝදිසි මෙහෙයුමෙන් අනතුරුව අද (10) දහවල් සොයාගත් බව කටුපොත පොලීසිය කියයි 10 January 2020
උතුරේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 100 ක් උතුරු පලාතේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නගාසිටුවීම සඳහා කළපු හා වැව් පොකුණුවලට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 100ක් මුදා හැර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (10) ප්‍රකාශ කළේය. 10 January 2020
රන් භාණ්ඩ සොරකමේ ගිය කාන්තාවන් 2 ක් අත්අඩංගුවට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රන් භාණ්ඩ සොරකම් කළ කාන්තාවන් දෙදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 09 January 2020
ලක්ෂ්මන් යාපා රන්මිණිතැන්න ටෙලිසිනමා ගම්මානයේ නිරීක්ෂණ චාරිකාව තිස්සමහාරම රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලිසිනමා ගම්මානය සිනමා කර්මාන්තයට යළි යොමු කරවීමට හැකිවන සේ සංවර්ධනය කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීය. 09 January 2020
හොරණ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනාගාරයක ගින්නක් හොරණ ප්‍රදේශයේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදන ආයතනයක අද (9) ඇති වූ ගින්නකින් ගබඩාවේ තිබූ දේපල රැසකට බරපතල අලාභ හානි වී ඇතැයි හොරණ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකය පවසයි. 09 January 2020
ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ලෙස ශෂී වෙල්ගම මහතා අද(09) වැඩභාරගත්තේය. 09 January 2020
ලක්ෂ 6ක නීතිවිරෝධී මාදැල් තොගයක් සොයාගනී මඩකලපුවේ ප්‍රදේශ කිහිපයක කළ හදිසි වැටලීමකදී ලක්ෂ 6ක් වටිනා නීතිවිරෝධී දැල් තොගයක් සිය බාරයට ගත් බව මඩකලපුව දිසා ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රුක්ෂාන් කුරූස් පැවසීය. 09 January 2020
පත්ඉරු ගැලවූ දෙදෙනෙකු රිමාන්ඩ් ගාල්ල දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ පත්ඉරු ගලවා ව්‍යාජ ඔප්පු සකස් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකාරියක සහ සැකකරුවකු ලබන 23 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (09)මහතා නියෝග කළේය. 09 January 2020
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ තවදුරටත් රිමාන්ඩ් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුලු සැකකරුවන් 17 දෙනා තව දුරටත් ජනවාරි 23 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(09) නියෝග කළේය . 09 January 2020
කොටි දතක් ළඟ තබා ගත් අයෙක්ට දඩ ලංකාවට ආවේණික වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින දැඩි රක්ෂිත සතෙකු වන කොටියකුගේ දතක් තම සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා ලද පුද්ගලයකු හට රුපියල් 20,000 ක් දඩයක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (9) නියෝග කළේය. 09 January 2020
හෝර්ටන්තැන්නට ගිනි දැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට ගිනි දැල්වීමේ උපකරණ රැගෙන යාම හා වනෝද්‍යානයේ සතුන් බෝවන ස්ථානයකට හානි වන ලෙස හැසිරීම යන චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (09) නියෝග කළේය. 09 January 2020
ලක්ෂ තුනක හෙරොයින් සමඟ අයෙකු අත්අඩංගුවට දෙහිවල නැදිමාල ප්‍රදේශයේ දී යතුරු පැදියකින් රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද(09) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 09 January 2020
දිවුලපිටියේ පාසලක උණුසුම් තත්වයක් සේවා මාරුවක් ලද දිවුලපිටිය කුඩගම්මන මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ඊට අනුව කටයුතු නොකර අද(9) එම පාසලට නැවත පැමිණීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇති විය. 09 January 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026