(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට ගිනි දැල්වීමේ උපකරණ රැගෙන යාම හා වනෝද්‍යානයේ සතුන් බෝවන ස්ථානයකට හානි වන ලෙස හැසිරීම යන චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (09) නියෝග කළේය.
එක් චෝදනාවකට රුපියල් 20,000 බැගින් චෝදනා දෙක සඳහා රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවීමට නියම කෙරිණි.
දඩ හමුදල ගෙවීමට නියම වුයේ කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න මහතා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
හෝර්ටන්තැන්නට ගිනි දැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ