පාකිස්තානයේ ලාහෝර් නුවර පෞද්ගලික උපකාරක පංති පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක වහලක් කඩා වැටීමෙන් සිසුන් 14 ක් මියගියහ.
සුන්බුන් අතර සිරවී සිට මුදා ගත් දරුවන් ගණන 10 කි. ඔවුන්ගෙන් පස් දෙනකු බරපතල ලෙස තුවාල ලබා සිටි බවත්, ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් වාර්තා විය. උපකාරක පංතියේ සිටි සියලුම දරුවන් අවුරුදු 7 ත් 11 ත් ට අඩු දරුවන්ය.
දිවි ගලවා ගැනීමේ මොහයුම් කඩිනමින් ඇරුඹුණි. බියටත් කලබලයටත් පත් දරුවන්ගේ මාපියන් ද සිද්ධිය සැලවුණු සැණින් උපකාරක පංති ගොඩනැගිල්ලට පැමිණි බව ද වාර්තා වේ.
ගොඩනැගිල්ලේ වහලය කඩා වැටෙද්දී, එහි නඩත්තු කටයුත්තක් සිදුවෙමින් පැවැති බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. ගොඩනැගිලේ වහලය ඉතා අබලන් තත්ත්වයක පැවැති බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd