(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකේය ජන මනස සුගායනීය ස්වරයෙන් පුබුදුවාලු අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ දේහය රැගත් රිය පෙරහර බොරැල්ල කනත්ත දක්වා ගමන් ගමන් ඇරැඹීය.

ඇය ආදරය කළ මෙන්ම ඇයට ආදරය කළ දෙනෝ දහසක් ජනකාය සුදු වතින් සැරසී මග දෙපස ශෝක බරිතව සිටිති. නාවල විජයබා මාවතේ නිවසට අද දහවල් වැඩම කළ මහා සංඝරත්නය බෞද්ධ ආගමික වතාවත් සිදු කළහ.

නන්දා මාලිනියගේ දේහය රිය පෙරහරකින් බොරැල්ල කනත්ත ආදාහනාගාරය වෙත රැඟෙන ඒමෙන් අනතුරුව ආදාහනය කෙරෙන්නේ කිසිදු ගුණ කථන හෝ අවමංගල්‍ය උත්සව සභාවකින් තොරවය.

ඒ ඇය ජීවත්ව සිටියදී ලියා තැබූ අවසන් කැමැත්තට ඉඩ දෙමිනි. ගුණකථන හෝ අවමංගල්‍ය උත්සවයක් නොපැවැත්විය යුතු බවත් ඉතා චාම් අයුරින් මළගම සිදු කළ යුතු බවත් ඇගේ අන්තිම කැමැත්තේ සඳහන් වන බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවසීය.